මානිගල කඳු - Manigala Hills Photography Travel wild life 

මානිගල කඳු

මානිගල කඳු නැගීමේ මාර්ගය නකල්ස් සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිට ඉලුක්කුඹුර දක්වා කඳු, තැනිතලා සහ වනෝද්‍යාන හරහා දිව යයි. කඳු නගින්නන්ට සුන්දර රතින්ද ගම්මානයේ සිට ගමන ආරම්භ කළ හැකි අතර ගම හරහා ආරම්භක ස්ථානයට යාම මිල කළ නොහැකි වනු ඇත. රතින්දගේ සැබෑ ගම්බද ජීවිතයට යාබදව වී වගා බිම්, වගා බිම් සහ සියලුම ග්‍රාමීය සුන්දරත්වයන් දැකගත හැකිය. සමහර අව්ව සහිත දිනවල දහවල් වන විට පරිසරය තරමක් උණුසුම් වන බැවින් උදේ පාන්දර ගමන් ආරම්භ කිරීම වඩාත් සුදුසුය. ඔබ මාර්ගය නොදන්නේ නම් මාර්ගෝපදේශකයෙකු සමඟ යාම සුදුසුය, ඔබේ මාර්ගෝපදේශකයා ලෙස ගම්වැසියෙකු පහසුවෙන් සොයාගත හැකිය. තෙල්ගමු නිම්නය, අටන්වල…

Read More
Peacock Hill, Pussallawa. Photography Travel wild life 

පුස්සැල්ලාව

පුස්සැල්ලාව මහනුවර දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇති නගරයකි. පුරාවෘත්තයන්ට අනුකූලව ගම්පොල රාජධානියෙහි රජවරු පුස්සැල්ලාව සහ කොත්මලේ අවට පිහිටි මෙම භූමි ප්‍රදේශය සතුරන් ගෙන් සැඟවී සිටිම සඳහා උපයෝගී කොටගෙන ඇත. පසු කාලීනව මෙම ළඟාවීමට අපහසු භූමි ප්‍රදේශය ලෝකප්‍රකට තේ වගාවක් බවට පරිවර්තනය විය. කන්ද උඩරට ප්‍රදේශයෙහි, ගම්පොල නගරයෙහි සිට කි.මි 16 දුරින් නුවර එළිය මාර්ගයෙහි පුස්සැල්ලාව නගරය පිහිටා ඇත. මෙම භුමි ප්‍රදේශය අඩි 2,800 පමණ උසකින් යුක්ත වන අතර මෙම භූ විෂමතාවය හේතුකොටගෙන පුස්සැල්ලාව නගරය සිසිල් දේශගුණයට උරුමකම් කියන අතරම සන්ධ්‍යා කාලයෙහිදි මීඳුමෙන් වැසී ගනි. පුස්සැල්ලාව නිවාඩු නිකේතනය ආදි කාලීනව රම්බොඩ හරහා වැටෙන…

Read More
Namal uyana - නාමල් උයන Ancient Place Temple Travel wild life 

ජාතික නාමල් උයන

මෙරට වැදගත් ඓතිහාසික ස්ථානයක් වන ජාතික නාමල් උයන, ශ්‍රී ලංකාවේ හමුවන විශාලතම නා වනය ලෙස සැලකෙන අතර දඹුලු ඔයේ සහ ඉබ්බන්කටුව වැවේ ජලයෙන් පෝෂණය වෙයි. අක්කර 260ක පමණ භූමි ප්‍රදේශයක විහිදී පවතින මෙහි  දකුණු ආසියාවේදී හමුවන විශාලතම රෝස තිරිවානා කඳු පන්තිය පිහිටා ඇත. දෙශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතර ඉතාමත් ප්‍රසිද්ධ ස්ථානයක් වන නාමල් උයන වැදගත් ඓතිහාසික වටිනාකමින් යුතු වෙයි. මිනිස් අභයභූමියක් වීම, ඓතිහාසික වැදගත්කම, ජෛව විවිධත්වය හා භූගෝලීය වශයෙන් කැපී පෙනෙන ලක්ෂණ ජාතික නාමල් උයනේ විශේෂත්වය වෙයි. කුඩා දිය ඇලි, අතු බෙදුණු විශාල කඳන් සහිත නා ශාක නාමල් උයනේදී දකින්නට ලැබෙන අතර…

Read More
Travel wild life 

වස්ගමුව ජාතික වනෝද්‍යානය

වස්ගමුව ජාතික වනෝද්‍යානය මධ්‍ය කඳුකරයේ  නැගෙනහිර බෑවුමෙන් ආරම්භ වන මාතලේ දිස්ත්‍රික්කයට හා පොළොන්නරුව දිස්ත්‍රික්කයට මායිම්වන ප්‍රදේශයක මෙය පිහිටා ඇත. එම නිසා මෙම  වනෝද්‍යානය වියලි කලාපීය හා තෙත් කලාපීය යන දේශගුණික තත්ත්වයත් මෙහි දක්නට ඇත. එබැවින් මෙම වනෝද්‍යානයට මෙරට වනෝද්‍යාන අතරින් විශේෂ තැනක් හිමිවෙයි. ඒ නිසා වස්ගමුව ජාතික වනෝද්‍යානය ජෛව විවිධත්වය ඉතාමත් පොහොසත් ස්ථානයකි. උතුරින් පරාක්‍රම සමුද්‍රයත්, නැගෙනහිරින්  මහවැලි ගඟත් දකුණින්  දුනුවිල ඔයත් බටහිරින්  කළුගඟ සහ අඹන් ගඟත් මෙම වනෝද්‍යානයට මායිම් වී ඇත. පළමුව මෙම වස්ගමුව ජාතික වන උද්‍යානය  වලසුන්ගෙන් බහුල රක්ෂිත භූමියක් වූ හෙයිනි හැඳින්වූයේ “වලස්ගමුව” නමිනි. ඉන් ටික කාලයකට පසුව “වලස්ගමුව”…

Read More
Translate »