කතළුව පුරාණ විහාරස්ථානය - Kathaluwa Old Temple Ancient Place Archaeology Temple Travel 

කතළුව පුරාණ විහාරස්ථානය

කතළුව පුරාණ විහාරස්ථානය ඉදිකර ඇත්තේ බ්‍රිතාන්‍යය විසින් මුළු ශ්‍රී ලංකාවම පාලනයට යටත්කර ගැනීමෙන් වසර හයකට පමණ පසුවය. මෙම විහාරස්ථානය ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධ වී ඇත්තේ විහාර මන්දිරයේ (පිළිමගෙයි) ඇති බිතුසිතුවම් හේතුවෙනි. පාසැලේ චිත්‍ර කලාව හැදෑරූ අය මෙම විහාරස්ථානයේ නම අසා ඇති. පිළිමගෙය තායි ගෘහ නිර්මාණ ශෛලියට අනුව ඉදිකරන ලද අෂ්ටාස්‍ර ගොඩනැගිල්ලකි. කතළුව බිතුසිතුවම්වල දක්නට ලැබෙන ඇඳුම් හා සම්ප්‍රදායන් මුල්කිරිගල විහාරස්ථානයට සමීපව සමාන වේ. මෙම සිතුවම් අතර වෙනස් ආකරයේ බිතු සිතුවම් දෙකක් තිබේ. පළමුවැන්නෙන් යුරෝපීය ඇඳුමින් සැරසී යුරෝපීය සොල්දාදුවන් පිරිසක් තුවක්කු රැගෙන බෞද්ධ පෙරහැරකට සහභාගී වන අයුරු දැක්වේ. දෙවැන්න නම් මහා පරිනිර්වනයට…

Read More
හම්බන්තොට එල්ලුම් ගස Ancient Place Archaeology Travel 

හම්බන්තොට එල්ලුම් ගස

හම්බන්තොට එල්ලුම් ගස : හම්බන්තොට එල්ලුම් ගසෙහි ඉතිහාසය  ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගය දක්වා දිව යයි. 1818 නිදහස් සටන් වල ප්‍රධාන චරිතයක් වන කොහොඹුරේරාල මෙම එල්ලුම් ගස භාවිතයෙන් ඝාතනය කරන ලදී. මෙම එල්ලුම් ගස කිතුල් කඳකින් සාදා ඇති අතර එය මේ දක්වා ඉතිරිව පවතී. මෙම එල්ලුම් ගස එකවර පුද්ගලයන් හතර දෙනෙකු එල්ලා තැබීම සඳහා නිර්මාණය කර ඇත. ලෙනාඩ් වුල්ෆ්ගේ වාර්තා වලට අනුව ඔහු මෙම එල්ලුම් ගස දෙස ඔහුගේ නිල නිවසේ ජනේලයක් හරහා බැලීමට පුරුදුව සිටි බව පවසයි. දිසාපතිවරුන්ගේ නිල නිවස පිහිටා ඇත්තේ ඉතා ආසන්නයේ ය. ඔහුගේ නිල කාලය තුළ (1908-1911) මෙම…

Read More
Namal uyana - නාමල් උයන Ancient Place Temple Travel wild life 

ජාතික නාමල් උයන

මෙරට වැදගත් ඓතිහාසික ස්ථානයක් වන ජාතික නාමල් උයන, ශ්‍රී ලංකාවේ හමුවන විශාලතම නා වනය ලෙස සැලකෙන අතර දඹුලු ඔයේ සහ ඉබ්බන්කටුව වැවේ ජලයෙන් පෝෂණය වෙයි. අක්කර 260ක පමණ භූමි ප්‍රදේශයක විහිදී පවතින මෙහි  දකුණු ආසියාවේදී හමුවන විශාලතම රෝස තිරිවානා කඳු පන්තිය පිහිටා ඇත. දෙශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතර ඉතාමත් ප්‍රසිද්ධ ස්ථානයක් වන නාමල් උයන වැදගත් ඓතිහාසික වටිනාකමින් යුතු වෙයි. මිනිස් අභයභූමියක් වීම, ඓතිහාසික වැදගත්කම, ජෛව විවිධත්වය හා භූගෝලීය වශයෙන් කැපී පෙනෙන ලක්ෂණ ජාතික නාමල් උයනේ විශේෂත්වය වෙයි. කුඩා දිය ඇලි, අතු බෙදුණු විශාල කඳන් සහිත නා ශාක නාමල් උයනේදී දකින්නට ලැබෙන අතර…

Read More
Mulkirigala Rock Temple - මුල්කිරිගල රජමහා විහාරය Ancient Place Statue Temple Travel 

මුල්කිරිගල රජ මහා විහාරය

මුල්කිරිගල රජමහා විහාරය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත පුරාණ විහාරයකි. මෙම විහාරය වීරකැටිය ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර මුල්කිරිගල හන්දියේ සිට 2 කි.මි. පමණ දුරකින් පිහිටා ඇත.මෙම විහාරස්ථානයට දික්වැල්ල හෝ තංගල්ල පෙදෙස් වලින් ළඟා විය හැකි අතර මුල්කිරිගල විහාරය කුඩා සීගිරිය ලෙසින්ද හැඳින්වේ. වර්තමානයේ මෙම විහාරය මුල්කිරිගල නමින් හැඳින්වුවද සමුද්ද පබ්බත, මුහන්ද්‍ර ගිරි, මුහුදු ගිර, ගිරිබා වෙහෙර, ගිරිබ ලෙණ, දක්ඛින පබ්බත, දක්ඛින ගිර, මුවතිරිගල, මුකිරිගල්ල, මුල්ලගිරිය යන නම් වලින් මෙය පුරාණයේ හඳුන්වා ඇත. මුල්කිරිගල විහාරයේ මුදුනත පිහිටි ස්ථූපය සද්ධාතිස්ස රජ විසින් ක්‍රි. ව. 3 වන…

Read More
ගටබරු රජමහා විහාරය - Gatabaruwa Rajamaha Viharaya Ancient Place Temple Travel 

දෙනියායේ ගැටබරුව රජමහා විහාරය

ගටබරු රජමහා විහාරය අකුරැස්ස – දෙනියාය මාර්ගයේ මොරවක හා දෙනියාය අතර කොටපොල ප්‍රදේශයේ පිහිටි කඳු මුදුනක පිහිටා ඇත. මෙම දේවාලය මුහුදු මට්ටමේ සිට 458m ක් පමණ ඉහළින් පිහිටා ඇති අතර එය පුරාණ ලෙන් විහාරයක් සහ දේවාලයකි. මෙම දේවාලය ගීතබාරාජ රජමහා විහාරය නමින්ද හඳුන්වයි. ගැටබරුවට එම නම ලැබී ඇත්තේ බැතිමතුන් විසින් පඬුරු ගැට ගසා බාරහාර වන නිසා බවට ඇති විශ්වාසයක්‌ වෙයි. ගැටබරුව එක්‌ පසකින් රක්‌වාන කඳුද, සිංහරාජ මහ වනය තවත් පසෙකින් ද, මෙන්ම මොරවක්‌ කෝරළ කඳුකර ප්‍රදේශ රැසකින් වටව  පිහිටා තිබේ. බැතිමතුන්ට පිහිට සහ ආරක්ෂාව මෙම දේවාලය රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන්ගේ වාසස්තානය ලෙස සැලකෙයි. විශ්මිත හාස්කම්…

Read More
පරාක්‍රම සමුද්‍රය - Parakrama Samudraya Ancient Place Travel 

පරාක්‍රම සමුද්‍රය

Read in English | ඉංග්‍රීසි ලිපිය කියවන්න පරාක්‍රම සමුද්‍රය පිලිබඳ පොළොන්නරුවේ පිහිටි පරාක්‍රම සමුද්‍රය මහා පරාක්‍රමබාහු රජතුමාගේ විශිෂ්ට නිර්මාණයකි. පරාක්‍රම සමුද්‍රය පිහිටි ප්‍රදේශයේ කලින් පැවති ජලාශ තුනක්  වන තෝපා වැව, දුමුටුලු වැව හා එරමුදු වැව යන වැව් තුන එකට එක්කර මෙම පරාක්‍රම සමුද්‍රය ගොඩනන්වන ලදී. පරාක්‍රම සමුද්‍රය වෙත ජලය රැගෙන ඒමට ආකාස ගංගාව නමැති ඇළ ඉදි කර තිබෙන්නේ අඹන් ගඟ අංගමැඩිල්ලේ දී හරස්‌ කර වේල්ලක් ඉදිකිරීමෙනි. වර්තමානයේද පැරණි කළුගල් අමුණේ නටබුන් ඉතිරිව පවතියි. පෞරාණික වටිනාකමක් පවතින අංගමැඩිල්ල අමුණ හා භූ වැවේ සොරොව්වද අතීතයේදී භාවිත වූ අදටත් ශේෂව පවතින පැරණි වාරි නිර්මාන ලෙස හදුන්වා දිය හැක.පරාක්‍රම සමුද්‍රය…

Read More
බුදුරුවගල - Buduruwagala Ancient Place Statue Temple 

බුදුරුවගල

බුදුරුවගල යනු ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික පූජා භූමියකි. වැල්ලවායේ සිට සැතපුම් හතරක් දුර ඝන වනයක පිහිටි විශාල ගල් පව්වක් පසුබිම් කර ගනිමින් බුදුරුවගල පිළිමය නිර්මාණය වී ඇත. උස අඩි 50ක් වන බුදුරුවගල පිළිමය ක්‍රි.ව. 7 වැනි සියවසට අයත් බව විශ්වාස කෙරෙයි. අභය මුද්‍රාවෙන් නෙළා ඇති මේ හිටිපිළිමය, ගලෙන් මතුකර බදාමයෙන් සම්පුර්ණ කර තිබූ බව පෙනෙයි. මෙහි දෙපා සහ පද්මාසනය වෙනම තනා සවිකර තිබෙයි. බුදුරුවට දෙපසින් අඩි 40ක් පමණ උසැති බෝසත් රූප දෙකක්ද දැකිය හැකිය. මෙහි ප්‍රධාන බුදුරුවට දෙපස ප්‍රථිමා තුන බැගින් ප්‍රතිමා හයකි. බුද්ධ ප්‍රථිමාවේ දකුණු පසින්…

Read More
Ancient Place Temple Travel 

අනුරාධපුරයේ ජේතවනාරාමය

අනුරාධපුරයේ ජේතවනාරාමය ස්ථූපය පුරාණ කාලයේ ආසියාවේ රටක ගොඩනගන ලද උසම ගොඩොල් ගොඩනැගිල්ල හැටියට එම ස්ථූපය සැමගේ ගෞරවයට පත්විය.මහසෙන් රජතුමාගේ පාලන කාලයේදී එතුමන්ගේ අනුග්‍රහය යටතේ මෙම ජේතවනාරාම ස්ථූපය ඉදි විය.ජේතවනාරාමය නමින් හඳුන්වනු ලැබුවේ දැනට එහි පවතින ස්ථූපය පමණක් නොව එම ස්ථූපය කේන්ද්‍රකොටගෙන එහි අවට ඉදිකර තිබුණු ගොඩනැගිලි සහිත ආර්ථික සංකීරණය ජේතවනය ලෙස හඳුන්වනු ලැබුවේය. මෙම ස්ථූපය ගොඩොල්වලින් ඉදිකරන ලද්දක් වන අතර මෙය හතරැස් මළුවක පිහිටා ඇත.මෙම මළුව අක්කර 8ක් පමණ විශාලත්වයකින් යුතු වනවා.ස්ථූපයේ උස එහි මළුවේ සිට මීටර් 120 කට වඩා උසින් වැඩි වන අතර පුරාණ යුගයේ මෙතරම් විශිෂ්ට නිර්මාණයක් ඉදිකිරීමට…

Read More
Atadageya - පොළොන්නරුව අටදාගෙය Ancient Place Temple Travel 

පොළොන්නරුවේ පළමු දළදා මන්දිරය

ජාතියේ මුදුන්  වශයෙන් හඳුන්වනු ලබන දළදා වහන්සේ වැඩ හිඳුවා තැබීමට එදා සිට අද දක්වාම ශ්‍රී ලංකාවේ දළදා මන්දිර රැසක් ඉදිකර තිබෙනවා. දළදා වහන්සේ අපේ රටට වැඩම කරේ කිත්සිරිමෙවන් රජු සමයේදීය. එදා සිට අනුරාධපුරයේත් ඉන් පසුව පොළොන්නරුවෙත් එයින් පසු මහනුවර යුගය දක්වාමත් රාජ්‍ය විහිදී ගිය සෑම රාජධානියකම දළදා වහන්සේ වෙනුවෙන් ගොඩනැගිලි ඉදිකරනු ලැබුවා. මේ අතරින් පොළොන්නරු යුගය විශේෂයි, අනුරාධපුරයෙන් පසු රාජධානිය මාරු වූයේ පොළොන්නරුවටය. ක්‍රි. ව. 1055 සිට 1110 දක්වා රජකළ පළමුවැනි විජයබා රජතුමා පොළොන්නරු රාජධානිය ස්ථාපිත කළා. එතුමා විසින් ඉදිකළ “අටදාගෙය” නැමති මන්දිරය පොළොන්නරුවේ පළමුවෙන් ඉදිකළ දළදා මන්දිරය විය, එබැවින් අටදාගෙය…

Read More
හැටදාගෙය-hatadageya Ancient Place Temple Travel 

පුලතිසි පුරයේ දෙවන දළදා මැදුර

ශ්‍රී ලංකාවේ දෙවන අගනගරය වන ඓතිහාසික පොලෝන්නරුවේ පෞරාණික උරුම අතර ඉතා විශේෂිත ගොඩනැගිලිද වෙයි.ක්‍රි.ව. 11 වන සියවසින් ඇරඹෙන පොළොන්නරු යුගයේ නිර්මාණය කෙරුණු විස්මිත නිර්මාණ බොහෝමයක් තවමත් ඉතිරිව ඇත.අටදාගෙය, හැටදාගෙය, වටදාගෙය, සත් මහල් ප්‍රාසාදය, ථූපාරාමය නිශ්ශංක ලතා මණ්ඩපය ආදී පොළොන්නරු යුගයේ නිරමාණ මෙහිදී කැපී පෙනෙයි.මේවා අතරින් දළදා වහන්සේ වැඩ හිඳුවා තැබීමට භාවිතා කළ අටදාගෙය හා හැටදාගෙය දළදා මැදුරු ලෙස විශේෂත්වයක් ගන්නා අතර පොළොන්නරුවේ තවත් අගනා නිර්මාණ බොහොමයක් පවතියි. පොළොන්නරුවේ දෙවන දළදා මාලිගය හැටදාගෙය යනු පොළොන්නරුවේ දෙවන දළදා මාලිගය වෙයි.පළමු වන විජයබා රජු විසින් කරවූ අටදාගෙය පොළොන්නරු යුගයේ පළමු දළදා මාලිගය විය.හැටදාගෙය කීර්ති…

Read More
Translate »