Ancient Place crafts Temple 

දෙගල්දෝරුව බිතුසිතුවම්

උඩ දුම්බර හා පාත දුම්බර ප්‍රධාන කොටස් දෙකකට දුම්බර පළාත වෙන් වෙනවා.මේ පාත දුම්බරට අයත් රමණීය ගමක් ලෙස “අමුණුගම” හඳුන්වන්නට පුළුවන්.මහනුවර යුගයට අයත් වැදගත් රජමහා විහාරයක් වන දෙගල්දෝරුව රජමහා විහාරය පිහිටා තිබෙන්නේ මෙම අමුණුගමයි.දෙගල්දෝරුව යනු අමුණුගමට යාබද ගමක් වුණත් අමුණුගම පිහිටි මේ රාජමහා විහාරය ලංකාව පුරා දෙගල්දෝරුව රජමහා විහාරය ලෙස ප්‍රකට විය. දහඅට වැනි සියවසේ  සෙංකඩගල නුවර රජකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා(ක්‍රි.ව. 1747 – 82) මේ රාජමහා විහාරය කරවූ බව සඳහන් වෙයි.මේ විහාර කටයුතු ආරම්භ කරන අවධියේ රජතුමා මහලුව සිටි නිසා එය අවසන් කිරීමේ ගෞරවය හිමි වූයේ රාජාධිරාජ සිංහ රජතුමාටයි…

Read More
Translate »