ගල්විහාරය පොලොන්නරුව - gal viharaya Ancient Place Statue Temple 

පොළොන්නරුව ගල්විහාරය (උත්තරාරාමය)

පොළොන්නරුවේ නගරයේ උතුරු සීමාවෙහි පිහිටි මෙම පුදබිම මහාවංශයෙහි උත්තරාරාමය යන නාමයෙන් හැඳින්වේ. ගල්විහාරය යන නාමය මේ සඳහා යෙදී ඇත්තේ මෙහි ඇති බුදු පිළිම හතරම ගලින් නිර්මාණය කර ඇති හෙයිනි. පොළොන්නරුවේ රජ කළ කීර්තිමත් රජ කෙනෙකු වූ මහා පරාක්‍රමබාහු ( ක්‍රි.ව. 1153-1186) රජුගේ මෙහෙයවීම යටතේ දක්ෂ මූර්ති ශිල්පීන් විසින් මෙම ගල් විහාරයේ මූර්ති නිර්මාණය කරන ලදී. ගල්විහාරයේ ප්‍රතිමා සතරකි. ඒවා මෙසේය. 1. වජ්‍රසනාරූඪව ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ හිඳින බුදු පිළිමය. 2. දෙපසින් පිරිවර දෙවියන් දෙදෙනෙකු සහිතව එම ඉරියව්වෙන්ම වැඩ හිඳින බුදු පිළිමය. 3. හිටි බුදුපිළිමය. 4. විශාල ප්‍රමාණයේ සැතපෙන බුදු පිළිමය. ඉහත…

Read More
බුදුහිමිගේ ලංකා ගමනය - කැලණිය Ancient Place 

අනුබුදු හිමි වඩිනාතුරු දෙරටේ සිදුවුණු තොරතුරු

මිහිඳු හිමිගේ ලංකා ගමනය එදා මෙරට වැසියන් ජල ක්‍රීඩා පැවැත් වූ දිනයකි. රජු ඇතුළු 40,000 ක් පමණ පිරිස දඩයමේ යෙදී සිටියහ. හදිස්සියේම තිස්ස රජු මුවෙකු පසු පස ලුහු බැඳ ගොස් මංමුළා විය. එවිට “තිස්ස” “තිස්ස” යන නමින් තමා අමතන අම්බස්තල කඳු මුදුනේ වැඩ සිටින මිහිඳු හිමියන්ද , ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමනේර, භණ්ඩුක උපාසක යන පිරිස දැක ගත හැකි විය. අනතුරුව මිහිඳු හිමියන්ගෙන් බණ අසා රජු බෞද්ධයෙක් බවට පත්විය. එදා මිහිඳු හිමියන්ගේ පැමිණීමත් සමගම ශ්‍රී ලංකා රාජ්‍යය බෞද්ධ රාජ්‍යයක් බවට පත්විය.මිහිඳු හිමියන්ගේ පැමිණීමට පෙර මෙරට පැවතියේ අමුතුම සංස්කෘතියකි. එකල…

Read More
Ancient Place Temple 

තිරියායේ ගිරිහඬු වෙහෙර (කේශධාතු චෛත්‍ය)

ත්‍රිකුණාමලය-පුල්මුඩේ පාරේ විසි හත්වන හා විසි අටවන සැතපුම් කණු දෙක අතරින් හැරී සැතපුමක් පමණ දුර ගිය විට හමුවන තිරියාය නැමැති ගමට බටහිරින් මෙම මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇත. කඳුගැටයක් මුදුනේ පිහිටා ඇති දාගැබ තිරියායේ ගිරිහඬු වෙහෙර නමින් ප්‍රකටය. මෙහි විවිද යුගයන්ට අයත් විහාර ආරම හා පිළිම ගෙවල් රැසක් දැකිය හැකිය. මෙම කඳුගැටයට නැගීම පිණිස දකුණු පැත්තෙන් පඩිපෙලක් තිබේ. කන්දේ මුදුන සමතලා කිරීමෙන් පසුව මෙම කුඩා දාගැබ නිර්මාණය කර ඇත. පසුව එම දාගැබ විශාල කර ඇතිබවට දක්නට ලැබේ. එම දාගැබ වට කර ක්‍රිස්තු වර්ෂ අටවන සියවසෙදී පමණ වටදාගෙයක් සාදා ඇත. වෘත්තාකාර…

Read More
Ancient Place Temple 

රජගල හෙවත් රාස්සගල

අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කල බවට සාක්ෂි වශයෙන් දැක්විය හැකි ඉතා අගනා ශිලා ලිපියක් මිහින්තලයෙන් හමු වී ඇත. ඊට අමතරව මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ආදහනය කරන ලදුව එම ධාතූන් වහන්සේ නිධන් කල ස්ථුපයක් පිළිබඳ සඳහන් වන මෙතෙක් හමුවී ඇති එකම පර්වත ලිපිය අම්පාර දිස්ත්‍රික්කයේ රජගල හෙවත් රාස්ස හෙල නම් මෙම පුද බිමෙන් හමු වේ. රජගල පුරා විද්‍යා භුමියෙහි අක්කර 300 ක පමණ පැරණි නටබුන් විසිරී පවතී. මිහිඳු මහා රහතන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා සෑගිරියෙහි (මිහින්තලේ) ද තවත් ස්ථාන කීපයකද තැන්පත් කර දාගැබ් සාදන ලද…

Read More
Temple 

ඉසුරුමුණි විහාරය

පන්සියයක් ඉසුරින් මිහිඳු මහරහතන් වහන්සේ පැමිණ පැවිදි වූ ස්ථානය ඉසුරු මුනි විහාරය ඉඳි කර ඇති අතර එය ක්‍රි.පූ. 3 වන සියවසේදී දේවානම්පියතිස්ස  රජු විසින් ඉඳිකළ විහාරයකි. වෙස්සගිරි පර්වතයේ කොටා ඇති සෙල්ලිපියට අනුව “ඉසිරමණ” යනුවෙන්ද හඳුන්වා ඇත. ඉළනාග රජුගේ පුත් චන්දමුඨසීව රජු (ක්‍රි.ව.44-52) මණිකාර ගමෙහි වැවක් තනවා ඉසුරු මුනි විහාරයට පූජා කළ අතර වසභ රජු (ක්‍රි. ව.65-100) උපොසථාගරයක් ද වෝහාර තිස්ස රජු (ක්‍රි. ව.214-236) විහාරය වටා පවුරක් ඉඳි කළ බව මහාවංශයේ සඳහන් වේ. එසේම පළමුවන කාශ්‍යප රජු ඉසුරුමුණිය පිළිසකර කර බෝ, උපුල්වන් යන දියණියන්ගේ නාමයන් හා රාජුගේ නාමය එක කර බෝදී උත්පලවන්නා කස්සපගිරි…

Read More
crafts 

මුරගල

අතීතයේ සිංහල කලා ශිල්පියාගේ අපූරු නිර්මාණයකි මුරගල. මෙය දොරටු පාල රූපය ලෙසද හඳුන්වයි. කළු ගලින් හෝ හුණු ගලින් නිර්මාණය කළ මේ ගල් පුවරුවේ මුදුන කවා කාර හැඩයකින් යුක්තය පැරණි ගොඩනැගිලි වල පියගැට පෙළ ඉදිරිපිට ඉදිකරන ලද මුරගල කොරවක්ගලට සම්බන්ධ වූවකි. අනුරාධපුර මුල්යුගයට අයත් මුරගල් වල කැටයම් දක්නට නොලැබේ. මුරගල් වල කැටයම් කිරීම ක්‍රමයෙන් ආරම්භ වූවකි. මේ අනුව කලකට පසුව මුරගල් පුන්කලස් යොදා ගෙන අලංකාර කෙරිනි. අනුරාධපුරයේ මහා විජයබා මාලිගයේ හා අස්ගිරිය දොරටුව අභියස ඇති මුරගල් වල එක් තැනක පුන් කලස රේඛා වලින් දක්වා ඇති අතර තවත් අවස්ථාවක බහිරව රූප යොදා මුරගල අලංකාර…

Read More
crafts 

සඳකඩ පහන

අපගේ බෞද්ධ සිද්ධස්ථාන වලට ඇතුළු වන දොරටු වල පියගට පෙළ ආරම්භයේ ඇති අර්ධ කවා කාර ගල් පඩිය පොදුවේ සඳකඩපහණ නමින් හඳුන්වයි. ඉතාමත් අලංකාර කැටයම් සහිත නිර්මාණයක් වන මේ සඳකඩ පහණ පිළිබඳ විවිධාකාරයේ අදහස් අප රටේ පුරාවිද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර තිබෙනවා. අනුරාධපුර යුගයේ සිද්ධස්ථාන ආශ්‍රිතව මුලින්ම හමුවන සඳකඩ පහණ විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් වුවද අද දක්වාම පවතිනවා. එහෙත් ඓතිහාසික වැදගත්කමකින් යුතුව කතාබහට ලක් කරන සඳකඩ පහණ අපට හමුවන්නේ අනුරාධපුර යුගයේදී හා පොලොන්නරු යුගයේ දී ය.   අනුරාධපුර යුගයට අයත් සඳකඩ පහණේ පිටතට හා ඇතුලතට විහිදුනු පෙති දෙපෙලක් සහිත සම්ප්‍රදායිකව අපට…

Read More
crafts 

වාහල්කඩ

ලාංකීය කලා ශිල්පීන් විසින් සිද්ධස්ථාන සම්බන්ධ කරගනිමින් විවිධ කැටයම් නිර්මාණය කර ඇති අපූරුව දකිය හැකි අවස්ථා බොහෝයි. මේ නිර්මාණ අතර සුවිශේෂ නිර්මාණයක් ලෙස චෛත්‍ය හා සම්බන්ධ වූ වාහල්කඩ හඳින්විය හැකිය. වාහල්කඩ තැනීමේ අදහස කුමක්ද යන්න පැහදිලිව කිවනොහැකි වුවත්, ස්තූප ඉඳිකර ඒවායේ අලංකරය සඳහා කරන ලද නිර්මාණයක් බව හොඳින් පැහැදිලිය. ස්තූපයේ සතර පැත්තේ වාහල්කඩ සතරකින් අලංකාර වන අතර භාරතයේ චෛත්‍යවල වාහල්කඩ හා සමාන අංගයක් ලෙස තොරණ නිර්මාණය කොට තිබේ. වාහල්කඩ ගඩොලින් කරන ලද නිර්මාණයක් වන අතර තොරණ ලීයෙන් කරන ලද නිසා ඒවා අද වනවිට අභාවයට ගොස් තිබේ. මෙතෙක් හමුවී ඇති වාහල්කඩ…

Read More
crafts 

අනුරාධපුර යුගයේ කලා ශිල්ප

අනුරාධපුර යුගය මෙරට පාලන යුගවල දී ඉතාමත් වදගත්ම සංදිස්ථානයක් ගත් රාජධානියකි. මෙරට බිහිවූ රාජධානි අතරින් වැඩිම පාලන යුගයක් පැවතියේ අනුරාධපුර රාජධානියයි. දෙවනපෑතිස් රජු දවස මිහිඳු මාහිමියන් මෙරටට පැමිණි වකවානුවේ සිට අනුරපුර යුගයේ සංස්කෘතිය වඩාත් දියුණුවන්නට විය. මිහිඳු හිමියන් පැමිණීමත් සමග මෙරට සොලොස් කලාවන්ට අයත් කලා ශිල්පීන්ද පමිණි බව ඉතිහාසයේ සඳහන් වේ. මෙම යුගයේදී විශේෂයෙන්ම සංස්කෘතික කලාවන් දියුණු වූයේ බුදු දහම පදනම් කරගෙනය. ඉසුරුමුණිය පෙම් යුවළ සලිය අශෝකමාලා හා ශිව පාර්වතී ලෙස අර්ත දක්වන ඉසුරුමුණිය පෙම් යුවළ අපේ රටේ සුවිශේෂ කලා නිර්මාණයකි. ඉසුරුමුණිය විහාරයේ එක් ගල් වැටියක මෙම නිර්මාණය දක්නට හැක.මෙම…

Read More
Statue 

අපේ රටේ පැරණි බුදු පිළිම

ගෞතම බුදුරජාණන් වහන්සේට බැතිමතුන්ගේ තිබූ ගෞරවය පිළිබිඹු කිරීමට බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාලයේදී මූර්ති ශිල්පීහු බුදු පිළිම නෙලීමට පෙළඹුණහ. බුදු පිළිම නෙලීමට පෙර කාලයේ බුදුරජුන්ගේ සිරිපතුල වැඳීමට ගෞතම බුදුන් සරණ ගිය බැතිමත්හු පෙලඹී සිටියහ. බුදු පිලිම කලාව තුල ගාන්ධාර ,මථුරා සහ අමරාවතී කලා සම්ප්‍රදායන් දක්නට ඇත. පරණිතම බුදු පිළිම ඉන්දියාවේදී හමුවන්නේ වයඹ දිග පෙදෙසිනි. ඒ ක්‍රි.ව. 120දී පමණ රජකල කනිෂ්ක රජ දවසේදීය. නමුත් අපේ රටේ බුද්ධිමතුන්ගේ මතයට අනුව පරණිතම බුදු පිළිම ලංකාවේදී නිර්මාණය කර ඇත. අනුරධපුර සමාධි බුදු පිළිමය අනුරධපුර මහමෙවුනා උයනේ පිහිටා ඇති සමාධි පිළිමය තුලින් පිළිඹිබු වන සජීවී භාවය…

Read More
Translate »