කතළුව පුරාණ විහාරස්ථානය - Kathaluwa Old Temple Ancient Place Archaeology Temple Travel 

කතළුව පුරාණ විහාරස්ථානය

කතළුව පුරාණ විහාරස්ථානය ඉදිකර ඇත්තේ බ්‍රිතාන්‍යය විසින් මුළු ශ්‍රී ලංකාවම පාලනයට යටත්කර ගැනීමෙන් වසර හයකට පමණ පසුවය. මෙම විහාරස්ථානය ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධ වී ඇත්තේ විහාර මන්දිරයේ (පිළිමගෙයි) ඇති බිතුසිතුවම් හේතුවෙනි. පාසැලේ චිත්‍ර කලාව හැදෑරූ අය මෙම විහාරස්ථානයේ නම අසා ඇති. පිළිමගෙය තායි ගෘහ නිර්මාණ ශෛලියට අනුව ඉදිකරන ලද අෂ්ටාස්‍ර ගොඩනැගිල්ලකි. කතළුව බිතුසිතුවම්වල දක්නට ලැබෙන ඇඳුම් හා සම්ප්‍රදායන් මුල්කිරිගල විහාරස්ථානයට සමීපව සමාන වේ. මෙම සිතුවම් අතර වෙනස් ආකරයේ බිතු සිතුවම් දෙකක් තිබේ. පළමුවැන්නෙන් යුරෝපීය ඇඳුමින් සැරසී යුරෝපීය සොල්දාදුවන් පිරිසක් තුවක්කු රැගෙන බෞද්ධ පෙරහැරකට සහභාගී වන අයුරු දැක්වේ. දෙවැන්න නම් මහා පරිනිර්වනයට…

Read More
නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - Kimbulagala Archaeology Travel 

නන්දිමිත්‍ර යෝධයා උපන් කිඹුලාගල

නන්දිමිත්‍ර යෝධයා අනුරාධපුර රාජධානියේ උතුරු කොටසේ වැව් නිමාවේ මෙම ගම පිහිටා තිබේ. වැව නිමාව කාලීනව උච්චාරණයේදී වැව් නිමාව  වව්නියාව බවට පත්ව තිබේ. වව්නියාව – පදවිය (B 442) මාර්ගයේ කි.මී. 20ක් පමණ ගිය විට මෙම ස්ථානය හමුවේ. (ඒරුපොතාන වැව පහු කර කි.මී 2ක් පමණ ගියවිට). ඒරුපොතාන වැව යනු අතීත ශෛලමය සොරොව්වක් සහිත වැවකි. රට එක්සේසත් කළ ගැමුණු සේනාවේ සිටි දසමහා යෝදයන්ගෙන් එක් අයෙක් ලෙස නන්දිමිත්‍ර යෝධයා විශාල සේවයක් කර තිබේ. මිත්‍ර නම් වූ ඔහු පසුව නන්දිමිත්‍ර බවට පත්ව තිබේ. ඔහු පිළිබදව, කුඩා කළ සිදු කළ මිරිස් ගල ඇදගෙන යාම, උණ පදුර…

Read More
මානිගල කඳු - Manigala Hills Photography Travel wild life 

මානිගල කඳු

මානිගල කඳු නැගීමේ මාර්ගය නකල්ස් සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිට ඉලුක්කුඹුර දක්වා කඳු, තැනිතලා සහ වනෝද්‍යාන හරහා දිව යයි. කඳු නගින්නන්ට සුන්දර රතින්ද ගම්මානයේ සිට ගමන ආරම්භ කළ හැකි අතර ගම හරහා ආරම්භක ස්ථානයට යාම මිල කළ නොහැකි වනු ඇත. රතින්දගේ සැබෑ ගම්බද ජීවිතයට යාබදව වී වගා බිම්, වගා බිම් සහ සියලුම ග්‍රාමීය සුන්දරත්වයන් දැකගත හැකිය. සමහර අව්ව සහිත දිනවල දහවල් වන විට පරිසරය තරමක් උණුසුම් වන බැවින් උදේ පාන්දර ගමන් ආරම්භ කිරීම වඩාත් සුදුසුය. ඔබ මාර්ගය නොදන්නේ නම් මාර්ගෝපදේශකයෙකු සමඟ යාම සුදුසුය, ඔබේ මාර්ගෝපදේශකයා ලෙස ගම්වැසියෙකු පහසුවෙන් සොයාගත හැකිය. තෙල්ගමු නිම්නය, අටන්වල…

Read More
හම්බන්තොට එල්ලුම් ගස Ancient Place Archaeology Travel 

හම්බන්තොට එල්ලුම් ගස

හම්බන්තොට එල්ලුම් ගස : හම්බන්තොට එල්ලුම් ගසෙහි ඉතිහාසය  ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගය දක්වා දිව යයි. 1818 නිදහස් සටන් වල ප්‍රධාන චරිතයක් වන කොහොඹුරේරාල මෙම එල්ලුම් ගස භාවිතයෙන් ඝාතනය කරන ලදී. මෙම එල්ලුම් ගස කිතුල් කඳකින් සාදා ඇති අතර එය මේ දක්වා ඉතිරිව පවතී. මෙම එල්ලුම් ගස එකවර පුද්ගලයන් හතර දෙනෙකු එල්ලා තැබීම සඳහා නිර්මාණය කර ඇත. ලෙනාඩ් වුල්ෆ්ගේ වාර්තා වලට අනුව ඔහු මෙම එල්ලුම් ගස දෙස ඔහුගේ නිල නිවසේ ජනේලයක් හරහා බැලීමට පුරුදුව සිටි බව පවසයි. දිසාපතිවරුන්ගේ නිල නිවස පිහිටා ඇත්තේ ඉතා ආසන්නයේ ය. ඔහුගේ නිල කාලය තුළ (1908-1911) මෙම…

Read More
Peacock Hill, Pussallawa. Photography Travel wild life 

පුස්සැල්ලාව

පුස්සැල්ලාව මහනුවර දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇති නගරයකි. පුරාවෘත්තයන්ට අනුකූලව ගම්පොල රාජධානියෙහි රජවරු පුස්සැල්ලාව සහ කොත්මලේ අවට පිහිටි මෙම භූමි ප්‍රදේශය සතුරන් ගෙන් සැඟවී සිටිම සඳහා උපයෝගී කොටගෙන ඇත. පසු කාලීනව මෙම ළඟාවීමට අපහසු භූමි ප්‍රදේශය ලෝකප්‍රකට තේ වගාවක් බවට පරිවර්තනය විය. කන්ද උඩරට ප්‍රදේශයෙහි, ගම්පොල නගරයෙහි සිට කි.මි 16 දුරින් නුවර එළිය මාර්ගයෙහි පුස්සැල්ලාව නගරය පිහිටා ඇත. මෙම භුමි ප්‍රදේශය අඩි 2,800 පමණ උසකින් යුක්ත වන අතර මෙම භූ විෂමතාවය හේතුකොටගෙන පුස්සැල්ලාව නගරය සිසිල් දේශගුණයට උරුමකම් කියන අතරම සන්ධ්‍යා කාලයෙහිදි මීඳුමෙන් වැසී ගනි. පුස්සැල්ලාව නිවාඩු නිකේතනය ආදි කාලීනව රම්බොඩ හරහා වැටෙන…

Read More
Photography Travel 

කුඩාවැල්ල හුම්මානයේ අසිරිය

දක්ෂිණ වෙරල බඩ පිහිටි ස්වභාවධර්මයේ තවත් අපූර්වත නිර්මාණයකි හුම්මානය.ඇත්තෙන්ම මෙය ස්වභාවික වතුර මලක් ලෙස හැඳින්වුවත් නිවැරදිය. දකුනේ ජීවත්වන ජනතාව මෙය “කරිජ්ජමාලාව” කියා ද හදුන්වයි.ශ්‍රී ලංකාවේ පවතින හුම්මාන දෙක අතුරින් විශාලතම හුම්මානය වන්නේ මෙයයි.මෙම හුම්මානය කුඩාවැල්ල ධීවර ගම්මානයේ පිහිටා තිබෙන අතර අනෙක් හුම්මානය උණවටුන ප්‍රදේශයේ පිහිටා ඇත.මාතර සිට කතරගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පැමිණ දික්වැල්ල නගරය සිට කිලෝ මීටර් 12 ක් පමණ ගිය විට කුඩාවැල්ල මංසන්ධිය හමුවේ. එම හන්දියෙන් හැරී කිලෝමීටර් එකහමාරක් පමණ ඉදිරියට ගමන් කලවිට හුම්මානය පිහිටි වෙරළ තීරයට පිවිසිය හැකි ය.මෙම හුම්මානය වෙත පිවිසීමට වැල්ලේකැලේ නමින් හඳුන්වන කුඩා කඳු…

Read More
Namal uyana - නාමල් උයන Ancient Place Temple Travel wild life 

ජාතික නාමල් උයන

මෙරට වැදගත් ඓතිහාසික ස්ථානයක් වන ජාතික නාමල් උයන, ශ්‍රී ලංකාවේ හමුවන විශාලතම නා වනය ලෙස සැලකෙන අතර දඹුලු ඔයේ සහ ඉබ්බන්කටුව වැවේ ජලයෙන් පෝෂණය වෙයි. අක්කර 260ක පමණ භූමි ප්‍රදේශයක විහිදී පවතින මෙහි  දකුණු ආසියාවේදී හමුවන විශාලතම රෝස තිරිවානා කඳු පන්තිය පිහිටා ඇත. දෙශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතර ඉතාමත් ප්‍රසිද්ධ ස්ථානයක් වන නාමල් උයන වැදගත් ඓතිහාසික වටිනාකමින් යුතු වෙයි. මිනිස් අභයභූමියක් වීම, ඓතිහාසික වැදගත්කම, ජෛව විවිධත්වය හා භූගෝලීය වශයෙන් කැපී පෙනෙන ලක්ෂණ ජාතික නාමල් උයනේ විශේෂත්වය වෙයි. කුඩා දිය ඇලි, අතු බෙදුණු විශාල කඳන් සහිත නා ශාක නාමල් උයනේදී දකින්නට ලැබෙන අතර…

Read More
Travel Water Falls 

තුඩුගල ඇල්ල

ශ්‍රී ලංකාවේ කළුතර දිස්තික්කයේ තුඩුගල දිය ඇල්ල පිහිටා ඇත. කළුතර දිස්‌ත්‍රික්‌කයේ වූ දියඇළි අතර කළු ගඟට ආසන්නවම පිහිටි දිය ඇල්ල තුඩුගල දිය ඇල්ලයි. තුඩුගල රක්ශිතයේ කුඩා කදු ගැටයක පිහිටි මෙම ඇල්ල මැනවින් දැකගැනීමට වර්ශා කාලයේදී යා යුතුය. මෙම දිය ඇල්ල ආශ්‍රිතව ජෛව විවිධත්වයෙන් පොහොසත් පරිසර පද්ධතියක් පිහිටා ඇත. මෙරටට ආවේණික මත්ස්‍ය විශේෂ කිහිපයක්ම මෙන්ම ඒක දේශික සත්ත්ව විශේෂද මෙම ඇල්ල අවට සිටින බව පරිසරවේදීහු පවසති. තුඩුගල දිය ඇල්ල පිහිටා තිබෙන වතුයාය අතීතයේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට අයත්ව තිබූ වතුයායක් වන අතර එය අක්කර 400ක් පමණ වනවා. වර්තමානයේ මෙම වතුයායේ එක් කොටසක කටු පොල්…

Read More
හත්මාලේ ඇල්ල - Hathmale Ella Travel 

හත්මාලේ ඇල්ල

හත්මාලේ ඇල්ල යනු මෙරට දිය ඇලි අතර සුවිශේෂී දියඇල්ලකි. මාතර දිස්ත්‍රික්කයට අයත් හත්මාලේ ඇල්ල දෙනියායට  ආසන්නව සුන්දර වූ කොළවෙනිගම ග්‍රාමයෙහි පිහිටා ඇත. හත්මාලේ ඇල්ල අසලට  යාමට නම් මාර්ගයේ සිට පහළට පියගැට පෙළක් ඔස්සේ ගමන් කළ යුතුය. මේ දියඇල්ල උසින් මීටර් 45ක් ද පළල මීටර් 10ක් පමණ වන අතර ගිංගඟෙන් ගඟෙන් නිර්මාණය වෙයි. ගිංගඟෙන් නිර්මාණය වන උසම දිය ඇල්ල වන්නේ මෙම හත්මාලේ ඇල්ලයි. අනෙක් දියඇලි වලට වඩා සුවිශේෂී ලෙස මෙම දියඇල්ල කඩා හැලෙන්නේ අවට පරිසරය වඩාත් චමත්කාර දසුනක් බවට පත් කරමිනි. මෙම  දිය ඇල්ලේ වතුර ක්‍රමයෙන් තට්ටුවෙන් තට්ටුවට ගලා  හැලෙන අතර  දියඇල්ල කඩා හැලෙනුයේ මාල හතක් හෙවත්…

Read More
Ethamala Falls - ඇතාමළ ඇල්ල Travel 

ඇතාමළ ඇල්ල

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය හා සන්සන්දනය කරනට විට ලෝකයේ වැඩිම දිය ඇලි ඝනත්වයක් ඇති රටක් ලෙස මෙරට හැඳින්විය හැකිය. මාතර දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර ඇතාමළ ඇල්ල නිල්වලා ගඟෙන් නිර්මාණය වන අතර මෙය නිල්වලා ගඟ සතු එකම දිය ඇල්ල ලෙස හැඳින්වෙයි. මෙය පහුරුතොට ඇල්ල ලෙසද හඳුන්වයි. නිල්වලා ගඟෙහි ජලයත් සමඟ මීටර 52ක් පමණ උසකින් මෙම සුන්දර දියඇල්ල සොබාදහමේ අපූර්ව නිර්මාණයකි. රමණීය වටපිටාවක් සහිත මේ දියඇල්ල දිය නෑමට සුදුසු ස්ථානයක් නොවෙයි. දිය ඇල්ලට ඇල්ලට ආසන්නම නගරය වන්නේ පිටබැද්දරයි. පිටබැද්දර සියඹලාගොඩ මාර්ගය හෝ නිල් ඇල්ල වතුයාය මාර්ගය භාවිතා කර මෙම දියඇල්ල වෙත පැමිණීමට භාවිතා…

Read More
Translate »