Travel Water Falls 

තුඩුගල ඇල්ල

ශ්‍රී ලංකාවේ කළුතර දිස්තික්කයේ තුඩුගල දිය ඇල්ල පිහිටා ඇත. කළුතර දිස්‌ත්‍රික්‌කයේ වූ දියඇළි අතර කළු ගඟට ආසන්නවම පිහිටි දිය ඇල්ල තුඩුගල දිය ඇල්ලයි. තුඩුගල රක්ශිතයේ කුඩා කදු ගැටයක පිහිටි මෙම ඇල්ල මැනවින් දැකගැනීමට වර්ශා කාලයේදී යා යුතුය. මෙම දිය ඇල්ල ආශ්‍රිතව ජෛව විවිධත්වයෙන් පොහොසත් පරිසර පද්ධතියක් පිහිටා ඇත. මෙරටට ආවේණික මත්ස්‍ය විශේෂ කිහිපයක්ම මෙන්ම ඒක දේශික සත්ත්ව විශේෂද මෙම ඇල්ල අවට සිටින බව පරිසරවේදීහු පවසති. තුඩුගල දිය ඇල්ල පිහිටා තිබෙන වතුයාය අතීතයේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට අයත්ව තිබූ වතුයායක් වන අතර එය අක්කර 400ක් පමණ වනවා. වර්තමානයේ මෙම වතුයායේ එක් කොටසක කටු පොල්…

Read More
හත්මාලේ ඇල්ල - Hathmale Ella Travel 

හත්මාලේ ඇල්ල

හත්මාලේ ඇල්ල යනු මෙරට දිය ඇලි අතර සුවිශේෂී දියඇල්ලකි. මාතර දිස්ත්‍රික්කයට අයත් හත්මාලේ ඇල්ල දෙනියායට  ආසන්නව සුන්දර වූ කොළවෙනිගම ග්‍රාමයෙහි පිහිටා ඇත. හත්මාලේ ඇල්ල අසලට  යාමට නම් මාර්ගයේ සිට පහළට පියගැට පෙළක් ඔස්සේ ගමන් කළ යුතුය. මේ දියඇල්ල උසින් මීටර් 45ක් ද පළල මීටර් 10ක් පමණ වන අතර ගිංගඟෙන් ගඟෙන් නිර්මාණය වෙයි. ගිංගඟෙන් නිර්මාණය වන උසම දිය ඇල්ල වන්නේ මෙම හත්මාලේ ඇල්ලයි. අනෙක් දියඇලි වලට වඩා සුවිශේෂී ලෙස මෙම දියඇල්ල කඩා හැලෙන්නේ අවට පරිසරය වඩාත් චමත්කාර දසුනක් බවට පත් කරමිනි. මෙම  දිය ඇල්ලේ වතුර ක්‍රමයෙන් තට්ටුවෙන් තට්ටුවට ගලා  හැලෙන අතර  දියඇල්ල කඩා හැලෙනුයේ මාල හතක් හෙවත්…

Read More
Ethamala Falls - ඇතාමළ ඇල්ල Travel 

ඇතාමළ ඇල්ල

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය හා සන්සන්දනය කරනට විට ලෝකයේ වැඩිම දිය ඇලි ඝනත්වයක් ඇති රටක් ලෙස මෙරට හැඳින්විය හැකිය. මාතර දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර ඇතාමළ ඇල්ල නිල්වලා ගඟෙන් නිර්මාණය වන අතර මෙය නිල්වලා ගඟ සතු එකම දිය ඇල්ල ලෙස හැඳින්වෙයි. මෙය පහුරුතොට ඇල්ල ලෙසද හඳුන්වයි. නිල්වලා ගඟෙහි ජලයත් සමඟ මීටර 52ක් පමණ උසකින් මෙම සුන්දර දියඇල්ල සොබාදහමේ අපූර්ව නිර්මාණයකි. රමණීය වටපිටාවක් සහිත මේ දියඇල්ල දිය නෑමට සුදුසු ස්ථානයක් නොවෙයි. දිය ඇල්ලට ඇල්ලට ආසන්නම නගරය වන්නේ පිටබැද්දරයි. පිටබැද්දර සියඹලාගොඩ මාර්ගය හෝ නිල් ඇල්ල වතුයාය මාර්ගය භාවිතා කර මෙම දියඇල්ල වෙත පැමිණීමට භාවිතා…

Read More
Mulkirigala Rock Temple - මුල්කිරිගල රජමහා විහාරය Ancient Place Statue Temple Travel 

මුල්කිරිගල රජ මහා විහාරය

මුල්කිරිගල රජමහා විහාරය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත පුරාණ විහාරයකි. මෙම විහාරය වීරකැටිය ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර මුල්කිරිගල හන්දියේ සිට 2 කි.මි. පමණ දුරකින් පිහිටා ඇත.මෙම විහාරස්ථානයට දික්වැල්ල හෝ තංගල්ල පෙදෙස් වලින් ළඟා විය හැකි අතර මුල්කිරිගල විහාරය කුඩා සීගිරිය ලෙසින්ද හැඳින්වේ. වර්තමානයේ මෙම විහාරය මුල්කිරිගල නමින් හැඳින්වුවද සමුද්ද පබ්බත, මුහන්ද්‍ර ගිරි, මුහුදු ගිර, ගිරිබා වෙහෙර, ගිරිබ ලෙණ, දක්ඛින පබ්බත, දක්ඛින ගිර, මුවතිරිගල, මුකිරිගල්ල, මුල්ලගිරිය යන නම් වලින් මෙය පුරාණයේ හඳුන්වා ඇත. මුල්කිරිගල විහාරයේ මුදුනත පිහිටි ස්ථූපය සද්ධාතිස්ස රජ විසින් ක්‍රි. ව. 3 වන…

Read More
ගටබරු රජමහා විහාරය - Gatabaruwa Rajamaha Viharaya Ancient Place Temple Travel 

දෙනියායේ ගැටබරුව රජමහා විහාරය

ගටබරු රජමහා විහාරය අකුරැස්ස – දෙනියාය මාර්ගයේ මොරවක හා දෙනියාය අතර කොටපොල ප්‍රදේශයේ පිහිටි කඳු මුදුනක පිහිටා ඇත. මෙම දේවාලය මුහුදු මට්ටමේ සිට 458m ක් පමණ ඉහළින් පිහිටා ඇති අතර එය පුරාණ ලෙන් විහාරයක් සහ දේවාලයකි. මෙම දේවාලය ගීතබාරාජ රජමහා විහාරය නමින්ද හඳුන්වයි. ගැටබරුවට එම නම ලැබී ඇත්තේ බැතිමතුන් විසින් පඬුරු ගැට ගසා බාරහාර වන නිසා බවට ඇති විශ්වාසයක්‌ වෙයි. ගැටබරුව එක්‌ පසකින් රක්‌වාන කඳුද, සිංහරාජ මහ වනය තවත් පසෙකින් ද, මෙන්ම මොරවක්‌ කෝරළ කඳුකර ප්‍රදේශ රැසකින් වටව  පිහිටා තිබේ. බැතිමතුන්ට පිහිට සහ ආරක්ෂාව මෙම දේවාලය රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන්ගේ වාසස්තානය ලෙස සැලකෙයි. විශ්මිත හාස්කම්…

Read More
Travel wild life 

වස්ගමුව ජාතික වනෝද්‍යානය

වස්ගමුව ජාතික වනෝද්‍යානය මධ්‍ය කඳුකරයේ  නැගෙනහිර බෑවුමෙන් ආරම්භ වන මාතලේ දිස්ත්‍රික්කයට හා පොළොන්නරුව දිස්ත්‍රික්කයට මායිම්වන ප්‍රදේශයක මෙය පිහිටා ඇත. එම නිසා මෙම  වනෝද්‍යානය වියලි කලාපීය හා තෙත් කලාපීය යන දේශගුණික තත්ත්වයත් මෙහි දක්නට ඇත. එබැවින් මෙම වනෝද්‍යානයට මෙරට වනෝද්‍යාන අතරින් විශේෂ තැනක් හිමිවෙයි. ඒ නිසා වස්ගමුව ජාතික වනෝද්‍යානය ජෛව විවිධත්වය ඉතාමත් පොහොසත් ස්ථානයකි. උතුරින් පරාක්‍රම සමුද්‍රයත්, නැගෙනහිරින්  මහවැලි ගඟත් දකුණින්  දුනුවිල ඔයත් බටහිරින්  කළුගඟ සහ අඹන් ගඟත් මෙම වනෝද්‍යානයට මායිම් වී ඇත. පළමුව මෙම වස්ගමුව ජාතික වන උද්‍යානය  වලසුන්ගෙන් බහුල රක්ෂිත භූමියක් වූ හෙයිනි හැඳින්වූයේ “වලස්ගමුව” නමිනි. ඉන් ටික කාලයකට පසුව “වලස්ගමුව”…

Read More
පරාක්‍රම සමුද්‍රය - Parakrama Samudraya Ancient Place Travel 

පරාක්‍රම සමුද්‍රය

Read in English | ඉංග්‍රීසි ලිපිය කියවන්න පරාක්‍රම සමුද්‍රය පිලිබඳ පොළොන්නරුවේ පිහිටි පරාක්‍රම සමුද්‍රය මහා පරාක්‍රමබාහු රජතුමාගේ විශිෂ්ට නිර්මාණයකි. පරාක්‍රම සමුද්‍රය පිහිටි ප්‍රදේශයේ කලින් පැවති ජලාශ තුනක්  වන තෝපා වැව, දුමුටුලු වැව හා එරමුදු වැව යන වැව් තුන එකට එක්කර මෙම පරාක්‍රම සමුද්‍රය ගොඩනන්වන ලදී. පරාක්‍රම සමුද්‍රය වෙත ජලය රැගෙන ඒමට ආකාස ගංගාව නමැති ඇළ ඉදි කර තිබෙන්නේ අඹන් ගඟ අංගමැඩිල්ලේ දී හරස්‌ කර වේල්ලක් ඉදිකිරීමෙනි. වර්තමානයේද පැරණි කළුගල් අමුණේ නටබුන් ඉතිරිව පවතියි. පෞරාණික වටිනාකමක් පවතින අංගමැඩිල්ල අමුණ හා භූ වැවේ සොරොව්වද අතීතයේදී භාවිත වූ අදටත් ශේෂව පවතින පැරණි වාරි නිර්මාන ලෙස හදුන්වා දිය හැක.පරාක්‍රම සමුද්‍රය…

Read More
බුදුරුවගල - Buduruwagala Ancient Place Statue Temple 

බුදුරුවගල

බුදුරුවගල යනු ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික පූජා භූමියකි. වැල්ලවායේ සිට සැතපුම් හතරක් දුර ඝන වනයක පිහිටි විශාල ගල් පව්වක් පසුබිම් කර ගනිමින් බුදුරුවගල පිළිමය නිර්මාණය වී ඇත. උස අඩි 50ක් වන බුදුරුවගල පිළිමය ක්‍රි.ව. 7 වැනි සියවසට අයත් බව විශ්වාස කෙරෙයි. අභය මුද්‍රාවෙන් නෙළා ඇති මේ හිටිපිළිමය, ගලෙන් මතුකර බදාමයෙන් සම්පුර්ණ කර තිබූ බව පෙනෙයි. මෙහි දෙපා සහ පද්මාසනය වෙනම තනා සවිකර තිබෙයි. බුදුරුවට දෙපසින් අඩි 40ක් පමණ උසැති බෝසත් රූප දෙකක්ද දැකිය හැකිය. මෙහි ප්‍රධාන බුදුරුවට දෙපස ප්‍රථිමා තුන බැගින් ප්‍රතිමා හයකි. බුද්ධ ප්‍රථිමාවේ දකුණු පසින්…

Read More
Ancient Place Temple Travel 

අනුරාධපුරයේ ජේතවනාරාමය

අනුරාධපුරයේ ජේතවනාරාමය ස්ථූපය පුරාණ කාලයේ ආසියාවේ රටක ගොඩනගන ලද උසම ගොඩොල් ගොඩනැගිල්ල හැටියට එම ස්ථූපය සැමගේ ගෞරවයට පත්විය.මහසෙන් රජතුමාගේ පාලන කාලයේදී එතුමන්ගේ අනුග්‍රහය යටතේ මෙම ජේතවනාරාම ස්ථූපය ඉදි විය.ජේතවනාරාමය නමින් හඳුන්වනු ලැබුවේ දැනට එහි පවතින ස්ථූපය පමණක් නොව එම ස්ථූපය කේන්ද්‍රකොටගෙන එහි අවට ඉදිකර තිබුණු ගොඩනැගිලි සහිත ආර්ථික සංකීරණය ජේතවනය ලෙස හඳුන්වනු ලැබුවේය. මෙම ස්ථූපය ගොඩොල්වලින් ඉදිකරන ලද්දක් වන අතර මෙය හතරැස් මළුවක පිහිටා ඇත.මෙම මළුව අක්කර 8ක් පමණ විශාලත්වයකින් යුතු වනවා.ස්ථූපයේ උස එහි මළුවේ සිට මීටර් 120 කට වඩා උසින් වැඩි වන අතර පුරාණ යුගයේ මෙතරම් විශිෂ්ට නිර්මාණයක් ඉදිකිරීමට…

Read More
Atadageya - පොළොන්නරුව අටදාගෙය Ancient Place Temple Travel 

පොළොන්නරුවේ පළමු දළදා මන්දිරය

ජාතියේ මුදුන්  වශයෙන් හඳුන්වනු ලබන දළදා වහන්සේ වැඩ හිඳුවා තැබීමට එදා සිට අද දක්වාම ශ්‍රී ලංකාවේ දළදා මන්දිර රැසක් ඉදිකර තිබෙනවා. දළදා වහන්සේ අපේ රටට වැඩම කරේ කිත්සිරිමෙවන් රජු සමයේදීය. එදා සිට අනුරාධපුරයේත් ඉන් පසුව පොළොන්නරුවෙත් එයින් පසු මහනුවර යුගය දක්වාමත් රාජ්‍ය විහිදී ගිය සෑම රාජධානියකම දළදා වහන්සේ වෙනුවෙන් ගොඩනැගිලි ඉදිකරනු ලැබුවා. මේ අතරින් පොළොන්නරු යුගය විශේෂයි, අනුරාධපුරයෙන් පසු රාජධානිය මාරු වූයේ පොළොන්නරුවටය. ක්‍රි. ව. 1055 සිට 1110 දක්වා රජකළ පළමුවැනි විජයබා රජතුමා පොළොන්නරු රාජධානිය ස්ථාපිත කළා. එතුමා විසින් ඉදිකළ “අටදාගෙය” නැමති මන්දිරය පොළොන්නරුවේ පළමුවෙන් ඉදිකළ දළදා මන්දිරය විය, එබැවින් අටදාගෙය…

Read More
Translate »