Ancient Place crafts Temple 

දෙගල්දෝරුව බිතුසිතුවම්

උඩ දුම්බර හා පාත දුම්බර ප්‍රධාන කොටස් දෙකකට දුම්බර පළාත වෙන් වෙනවා.මේ පාත දුම්බරට අයත් රමණීය ගමක් ලෙස “අමුණුගම” හඳුන්වන්නට පුළුවන්.මහනුවර යුගයට අයත් වැදගත් රජමහා විහාරයක් වන දෙගල්දෝරුව රජමහා විහාරය පිහිටා තිබෙන්නේ මෙම අමුණුගමයි.දෙගල්දෝරුව යනු අමුණුගමට යාබද ගමක් වුණත් අමුණුගම පිහිටි මේ රාජමහා විහාරය ලංකාව පුරා දෙගල්දෝරුව රජමහා විහාරය ලෙස ප්‍රකට විය. දහඅට වැනි සියවසේ  සෙංකඩගල නුවර රජකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා(ක්‍රි.ව. 1747 – 82) මේ රාජමහා විහාරය කරවූ බව සඳහන් වෙයි.මේ විහාර කටයුතු ආරම්භ කරන අවධියේ රජතුමා මහලුව සිටි නිසා එය අවසන් කිරීමේ ගෞරවය හිමි වූයේ රාජාධිරාජ සිංහ රජතුමාටයි…

Read More
Ancient Place Statue Temple 

ලංකාතිලක විහාරය

ගම්පොළ රාජධානි යුගයට අයත් පෞරාණික සිද්ධස්ථානයකි,ලංකාතිලක විහාරය පහන්ගල නමැති උස් ගල් තලාවක් මත පිහිටා තිබෙන මෙම විහාරය කඳු වළල්ලකින් වටවී පිහිටා තිබීම නිසා එයාට අලංකාර එක් වී ඇත. ලංකාතිලකය, ගම්පොළ රජ කළ හතරවන බුවනෙකබාහු රජතුමාගේ(ක්‍රි.ව 1344-1353) සේනාධිලංකාර නම් ඇමතියකු විසින් ගොඩනගන ලද විහාරයෙහි අඩි තාලම,කැපූ කළු ගලින් සාදා,බිත්ති ගඩොලින් නිර්මාණය කර ඇත.අඩිතාලම චතුරස්‍රාකාර වන අතර දිගින් හා පළලින් අඩි 64ක් පමණ වෙයි.විහාරයට ඇතුළුවන ස්ථානයේ පිහිටි ගලෙහිම නිර්මාණ කරන ලද කැටයම් නොමැති සඳකඩ පහණකි.දොරටුවේ පිට බිත්තිය විශාල මකර තොරණකින් යුක්තය.එය දරා සිටින්නේ සිංහ රූප දෙකකිනි,ඉන් පසුව දෙපැත්තේ දෙපස පිහිටි ආලින්දයයි.ආලින්දයෙන් ඇතුළුවන…

Read More
Ancient Place Statue Temple 

දඹුලු විහාරය

තැනිතලාවේ සිට 600m ක් පමණ උසින් පිහිටි දඹුලු පර්වතය හිරුට නිරාවරණය වී ඇති නිසා සූර්යලෝකය හොඳින් ලබන ස්ථානයකි.මේ පර්වතයේ ලෙන් සංකීරණයක් ඇත.මෙහි ශ්‍රී ලංකාවේ ඉපැරණි බෞද්ධාගමික වටිනාකමකින් යුතු ගල් විහාරයක් පිහිටා ඇත.මහා වංශයේ මේ විහාරය නම් කර ඇත්තේ ජම්බුකෝල නමින්.මේ විහාරය හමුවන්නේ දඹුලු ගලේ අඩි 350 ක් පමණ තරණය කිරීමෙන් පසුවයි.මෙහි සමහර ලෙන් මිනිසුන් විසින් නිර්මාණය කර ඇති අතර,ස්වභාවිකව සැකසුණු ලෙන් ද ඇත.ඒවායින් ස්වාභාවිකව පිහිටි ලෙන් සහ මිනිසා විසින් සෑදු ලෙන් මොනවාදැයි හඳුනාගැනීමට අපහසු වන තරමටම ඒවා නිමවා ඇත.මෙම ස්වභාවික ලෙන් වලින් සමහරක් ක්‍රි.පූ. 1 ශතවර්ෂයේ විසූ වට්ටගාමිණී අභය රජතුමා…

Read More
Ancient Place crafts Temple 

ගඩලාදෙණිය විහාරය

ගම්පොළ යුගයට අයත් ගඩලාදෙණිය හෙවත් සද්ධර්මතිලක විහාරය ගම්පොළ රජකළ සිව්වන බුවනෙකබාහු(ක්‍රි.ව.1341 – 1351) රජු සමයේදී ධම්මකිත්ති හිමියන්ගේ අනුශාසනාවෙන් සේනා‌‍ධිලංකාර ඇමතිවරයා විසින් ඉදි කර ඇත. ගෘහ නිර්මාණ ශිල්පය තනි කළු ගලින් නිර්මාණය කර ඇති මෙම විහාරයේ ගෘහ නිර්මාණ ශිල්පය දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයට සමාන කම් දක්වයි. ගඩලාදෙණිය සෙල්ලිපියේ සඳහන් වන ආකාරයට මෙම විහාරය ගොඩනැගීමේදී මූලිකවම වාස්තු විද්‍යා ශාස්ත්‍රී ප්‍රතිමා ශාස්ත්‍රී ගණේෂ්වරාචාර්ය ප්‍රමුඛ ශිල්පීන් කටයුතු කර ඇත. ගඩලාදෙණිය විහාර මණ්ඩපය, අන්තරාලය හා ගර්භ ගෘහය යනුවෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකියි. මෙහි මණ්ඩපය කැපූ කළු ගලින්ම නිමවූ පැතිලි වහලයකින් යුක්තය. අඩිතාලමද නටන…

Read More
ගල්විහාරය පොලොන්නරුව - gal viharaya Ancient Place Statue Temple 

පොළොන්නරුව ගල්විහාරය (උත්තරාරාමය)

පොළොන්නරුවේ නගරයේ උතුරු සීමාවෙහි පිහිටි මෙම පුදබිම මහාවංශයෙහි උත්තරාරාමය යන නාමයෙන් හැඳින්වේ. ගල්විහාරය යන නාමය මේ සඳහා යෙදී ඇත්තේ මෙහි ඇති බුදු පිළිම හතරම ගලින් නිර්මාණය කර ඇති හෙයිනි. පොළොන්නරුවේ රජ කළ කීර්තිමත් රජ කෙනෙකු වූ මහා පරාක්‍රමබාහු ( ක්‍රි.ව. 1153-1186) රජුගේ මෙහෙයවීම යටතේ දක්ෂ මූර්ති ශිල්පීන් විසින් මෙම ගල් විහාරයේ මූර්ති නිර්මාණය කරන ලදී. ගල්විහාරයේ ප්‍රතිමා සතරකි. ඒවා මෙසේය. 1. වජ්‍රසනාරූඪව ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ හිඳින බුදු පිළිමය. 2. දෙපසින් පිරිවර දෙවියන් දෙදෙනෙකු සහිතව එම ඉරියව්වෙන්ම වැඩ හිඳින බුදු පිළිමය. 3. හිටි බුදුපිළිමය. 4. විශාල ප්‍රමාණයේ සැතපෙන බුදු පිළිමය. ඉහත…

Read More
බුදුහිමිගේ ලංකා ගමනය - කැලණිය Ancient Place 

අනුබුදු හිමි වඩිනාතුරු දෙරටේ සිදුවුණු තොරතුරු

මිහිඳු හිමිගේ ලංකා ගමනය එදා මෙරට වැසියන් ජල ක්‍රීඩා පැවැත් වූ දිනයකි. රජු ඇතුළු 40,000 ක් පමණ පිරිස දඩයමේ යෙදී සිටියහ. හදිස්සියේම තිස්ස රජු මුවෙකු පසු පස ලුහු බැඳ ගොස් මංමුළා විය. එවිට “තිස්ස” “තිස්ස” යන නමින් තමා අමතන අම්බස්තල කඳු මුදුනේ වැඩ සිටින මිහිඳු හිමියන්ද , ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමනේර, භණ්ඩුක උපාසක යන පිරිස දැක ගත හැකි විය. අනතුරුව මිහිඳු හිමියන්ගෙන් බණ අසා රජු බෞද්ධයෙක් බවට පත්විය. එදා මිහිඳු හිමියන්ගේ පැමිණීමත් සමගම ශ්‍රී ලංකා රාජ්‍යය බෞද්ධ රාජ්‍යයක් බවට පත්විය.මිහිඳු හිමියන්ගේ පැමිණීමට පෙර මෙරට පැවතියේ අමුතුම සංස්කෘතියකි. එකල…

Read More
Ancient Place Temple 

තිරියායේ ගිරිහඬු වෙහෙර (කේශධාතු චෛත්‍ය)

ත්‍රිකුණාමලය-පුල්මුඩේ පාරේ විසි හත්වන හා විසි අටවන සැතපුම් කණු දෙක අතරින් හැරී සැතපුමක් පමණ දුර ගිය විට හමුවන තිරියාය නැමැති ගමට බටහිරින් මෙම මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇත. කඳුගැටයක් මුදුනේ පිහිටා ඇති දාගැබ තිරියායේ ගිරිහඬු වෙහෙර නමින් ප්‍රකටය. මෙහි විවිද යුගයන්ට අයත් විහාර ආරම හා පිළිම ගෙවල් රැසක් දැකිය හැකිය. මෙම කඳුගැටයට නැගීම පිණිස දකුණු පැත්තෙන් පඩිපෙලක් තිබේ. කන්දේ මුදුන සමතලා කිරීමෙන් පසුව මෙම කුඩා දාගැබ නිර්මාණය කර ඇත. පසුව එම දාගැබ විශාල කර ඇතිබවට දක්නට ලැබේ. එම දාගැබ වට කර ක්‍රිස්තු වර්ෂ අටවන සියවසෙදී පමණ වටදාගෙයක් සාදා ඇත. වෘත්තාකාර…

Read More
Ancient Place Temple 

රජගල හෙවත් රාස්සගල

අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කල බවට සාක්ෂි වශයෙන් දැක්විය හැකි ඉතා අගනා ශිලා ලිපියක් මිහින්තලයෙන් හමු වී ඇත. ඊට අමතරව මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ආදහනය කරන ලදුව එම ධාතූන් වහන්සේ නිධන් කල ස්ථුපයක් පිළිබඳ සඳහන් වන මෙතෙක් හමුවී ඇති එකම පර්වත ලිපිය අම්පාර දිස්ත්‍රික්කයේ රජගල හෙවත් රාස්ස හෙල නම් මෙම පුද බිමෙන් හමු වේ. රජගල පුරා විද්‍යා භුමියෙහි අක්කර 300 ක පමණ පැරණි නටබුන් විසිරී පවතී. මිහිඳු මහා රහතන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා සෑගිරියෙහි (මිහින්තලේ) ද තවත් ස්ථාන කීපයකද තැන්පත් කර දාගැබ් සාදන ලද…

Read More
Temple 

ඉසුරුමුණි විහාරය

පන්සියයක් ඉසුරින් මිහිඳු මහරහතන් වහන්සේ පැමිණ පැවිදි වූ ස්ථානය ඉසුරු මුනි විහාරය ඉඳි කර ඇති අතර එය ක්‍රි.පූ. 3 වන සියවසේදී දේවානම්පියතිස්ස  රජු විසින් ඉඳිකළ විහාරයකි. වෙස්සගිරි පර්වතයේ කොටා ඇති සෙල්ලිපියට අනුව “ඉසිරමණ” යනුවෙන්ද හඳුන්වා ඇත. ඉළනාග රජුගේ පුත් චන්දමුඨසීව රජු (ක්‍රි.ව.44-52) මණිකාර ගමෙහි වැවක් තනවා ඉසුරු මුනි විහාරයට පූජා කළ අතර වසභ රජු (ක්‍රි. ව.65-100) උපොසථාගරයක් ද වෝහාර තිස්ස රජු (ක්‍රි. ව.214-236) විහාරය වටා පවුරක් ඉඳි කළ බව මහාවංශයේ සඳහන් වේ. එසේම පළමුවන කාශ්‍යප රජු ඉසුරුමුණිය පිළිසකර කර බෝ, උපුල්වන් යන දියණියන්ගේ නාමයන් හා රාජුගේ නාමය එක කර බෝදී උත්පලවන්නා කස්සපගිරි…

Read More
crafts 

මුරගල

අතීතයේ සිංහල කලා ශිල්පියාගේ අපූරු නිර්මාණයකි මුරගල. මෙය දොරටු පාල රූපය ලෙසද හඳුන්වයි. කළු ගලින් හෝ හුණු ගලින් නිර්මාණය කළ මේ ගල් පුවරුවේ මුදුන කවා කාර හැඩයකින් යුක්තය පැරණි ගොඩනැගිලි වල පියගැට පෙළ ඉදිරිපිට ඉදිකරන ලද මුරගල කොරවක්ගලට සම්බන්ධ වූවකි. අනුරාධපුර මුල්යුගයට අයත් මුරගල් වල කැටයම් දක්නට නොලැබේ. මුරගල් වල කැටයම් කිරීම ක්‍රමයෙන් ආරම්භ වූවකි. මේ අනුව කලකට පසුව මුරගල් පුන්කලස් යොදා ගෙන අලංකාර කෙරිනි. අනුරාධපුරයේ මහා විජයබා මාලිගයේ හා අස්ගිරිය දොරටුව අභියස ඇති මුරගල් වල එක් තැනක පුන් කලස රේඛා වලින් දක්වා ඇති අතර තවත් අවස්ථාවක බහිරව රූප යොදා මුරගල අලංකාර…

Read More
Translate »