Ancient Place Archaeology crafts 

සිංහල සැරසිලි මෝස්‌තර

මහනුවර රාජධානි සමයේදී චිත්‍ර හා කර්මාන්ත සඳහා භාවිතා කළ මෝස්‌තර ගණනාවකි,මහනුවර යුගයට අයත් වෙහෙර විහාර බිතු සිතුවම් අතර මේ මෝස්‌තර දැකිය හැකිය. ඒවා දිව්‍ය, සත්ව, උද්භිද හා නිර්ජීවී යනුවෙන් මූලිකව කොටස් හතරකට බෙදා දක්වා ඇත. දිව්‍ය දිව්‍ය ලෙස සැලකෙන්නේ ඉර හා හඳයි. මේවා සදාකාලික භවේ සංකේතයි. ඈත අතීතයේ සිටම සුර්ය හා චන්ද්‍ර රූප දෙක සෞභාග්‍ය හා සමෘද්ධියේ සංකේත ලෙස යොදා ගැනුණි. සූර්යයා නිරුපණය කිරීමේදී මිනිස් මුහුණකින් එය දක්වා තිබෙයි මුහුණ වටා විහිදෙන රැස් වළල්ල සිංහල චිත්‍ර සම්ප්‍රදාය අනුව දක්වා ඇත. සූර්යය රූපයෙන්ම තේජවන්ත විලාසය ඉස්මතු වන අතර චන්ද්‍රයාගෙන්හ සෞම්‍ය ගුණය ප්‍රකට…

Read More
crafts Temple 

උඩරට සමයේ සුළු කලාශිල්ප

උඩරට සමයට අයත් සුළු කලා ශිල්ප පිළිබිඹු වන ආකාරයේ ලෝහ භාණ්ඩ රාශියක් ලංකාවේ කෞතුකාගාරවල තැන්පත් කර තිබේ.පෞද්ගලික භාණ්ඩ අතර ගිරය විවිධ හැඩයෙන් හා මෝස්තරයෙන් නිමවා ඇත.ලෝහමය බුලත් හෙප්පු වල කැටයම් අතිශයින් සිත්ගන්නා සුළුය.යකඩ මෙන්ම වානේ යතුරු තහඩුවල සුන්දරත්වය උඩරට ශිල්පීන්ගේ නිර්මාණාත්මක බව මැනවින් විදහා දක්වයි.දනගිරිගල, මල්වත්ත, රිදී විහාරය ආදී තැන්වල අද පවා දැකිය හැකි යකඩ මුණත් තහඩු අතිශය සුන්දරය.එල්ලන පහන්  හා  හිටි පහන් ලෙස වර්ග දෙකකට අයත්වන ආකාරයට කුරුලු හැඩයට, නළ හැඩයට  ඇත හැඩයට  ආදී ලෙස පිත්තල පහන් සාදා තිබේ.විවිධ හැඩයන්ට තැනු රන් ආභරණ මගින් එදා කලාකරුවාගේ සියුම් දක්ෂතා මැනවින් පිළිබිඹු…

Read More
Ancient Place crafts Temple 

දෙගල්දෝරුව බිතුසිතුවම්

උඩ දුම්බර හා පාත දුම්බර ප්‍රධාන කොටස් දෙකකට දුම්බර පළාත වෙන් වෙනවා.මේ පාත දුම්බරට අයත් රමණීය ගමක් ලෙස “අමුණුගම” හඳුන්වන්නට පුළුවන්.මහනුවර යුගයට අයත් වැදගත් රජමහා විහාරයක් වන දෙගල්දෝරුව රජමහා විහාරය පිහිටා තිබෙන්නේ මෙම අමුණුගමයි.දෙගල්දෝරුව යනු අමුණුගමට යාබද ගමක් වුණත් අමුණුගම පිහිටි මේ රාජමහා විහාරය ලංකාව පුරා දෙගල්දෝරුව රජමහා විහාරය ලෙස ප්‍රකට විය. දහඅට වැනි සියවසේ  සෙංකඩගල නුවර රජකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා(ක්‍රි.ව. 1747 – 82) මේ රාජමහා විහාරය කරවූ බව සඳහන් වෙයි.මේ විහාර කටයුතු ආරම්භ කරන අවධියේ රජතුමා මහලුව සිටි නිසා එය අවසන් කිරීමේ ගෞරවය හිමි වූයේ රාජාධිරාජ සිංහ රජතුමාටයි…

Read More
Ancient Place crafts Temple 

ගඩලාදෙණිය විහාරය

ගම්පොළ යුගයට අයත් ගඩලාදෙණිය හෙවත් සද්ධර්මතිලක විහාරය ගම්පොළ රජකළ සිව්වන බුවනෙකබාහු(ක්‍රි.ව.1341 – 1351) රජු සමයේදී ධම්මකිත්ති හිමියන්ගේ අනුශාසනාවෙන් සේනා‌‍ධිලංකාර ඇමතිවරයා විසින් ඉදි කර ඇත. ගෘහ නිර්මාණ ශිල්පය තනි කළු ගලින් නිර්මාණය කර ඇති මෙම විහාරයේ ගෘහ නිර්මාණ ශිල්පය දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයට සමාන කම් දක්වයි. ගඩලාදෙණිය සෙල්ලිපියේ සඳහන් වන ආකාරයට මෙම විහාරය ගොඩනැගීමේදී මූලිකවම වාස්තු විද්‍යා ශාස්ත්‍රී ප්‍රතිමා ශාස්ත්‍රී ගණේෂ්වරාචාර්ය ප්‍රමුඛ ශිල්පීන් කටයුතු කර ඇත. ගඩලාදෙණිය විහාර මණ්ඩපය, අන්තරාලය හා ගර්භ ගෘහය යනුවෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකියි. මෙහි මණ්ඩපය කැපූ කළු ගලින්ම නිමවූ පැතිලි වහලයකින් යුක්තය. අඩිතාලමද නටන…

Read More
crafts 

මුරගල

අතීතයේ සිංහල කලා ශිල්පියාගේ අපූරු නිර්මාණයකි මුරගල. මෙය දොරටු පාල රූපය ලෙසද හඳුන්වයි. කළු ගලින් හෝ හුණු ගලින් නිර්මාණය කළ මේ ගල් පුවරුවේ මුදුන කවා කාර හැඩයකින් යුක්තය පැරණි ගොඩනැගිලි වල පියගැට පෙළ ඉදිරිපිට ඉදිකරන ලද මුරගල කොරවක්ගලට සම්බන්ධ වූවකි. අනුරාධපුර මුල්යුගයට අයත් මුරගල් වල කැටයම් දක්නට නොලැබේ. මුරගල් වල කැටයම් කිරීම ක්‍රමයෙන් ආරම්භ වූවකි. මේ අනුව කලකට පසුව මුරගල් පුන්කලස් යොදා ගෙන අලංකාර කෙරිනි. අනුරාධපුරයේ මහා විජයබා මාලිගයේ හා අස්ගිරිය දොරටුව අභියස ඇති මුරගල් වල එක් තැනක පුන් කලස රේඛා වලින් දක්වා ඇති අතර තවත් අවස්ථාවක බහිරව රූප යොදා මුරගල අලංකාර…

Read More
crafts 

සඳකඩ පහන

අපගේ බෞද්ධ සිද්ධස්ථාන වලට ඇතුළු වන දොරටු වල පියගට පෙළ ආරම්භයේ ඇති අර්ධ කවා කාර ගල් පඩිය පොදුවේ සඳකඩපහණ නමින් හඳුන්වයි. ඉතාමත් අලංකාර කැටයම් සහිත නිර්මාණයක් වන මේ සඳකඩ පහණ පිළිබඳ විවිධාකාරයේ අදහස් අප රටේ පුරාවිද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර තිබෙනවා. අනුරාධපුර යුගයේ සිද්ධස්ථාන ආශ්‍රිතව මුලින්ම හමුවන සඳකඩ පහණ විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් වුවද අද දක්වාම පවතිනවා. එහෙත් ඓතිහාසික වැදගත්කමකින් යුතුව කතාබහට ලක් කරන සඳකඩ පහණ අපට හමුවන්නේ අනුරාධපුර යුගයේදී හා පොලොන්නරු යුගයේ දී ය.   අනුරාධපුර යුගයට අයත් සඳකඩ පහණේ පිටතට හා ඇතුලතට විහිදුනු පෙති දෙපෙලක් සහිත සම්ප්‍රදායිකව අපට…

Read More
crafts 

වාහල්කඩ

ලාංකීය කලා ශිල්පීන් විසින් සිද්ධස්ථාන සම්බන්ධ කරගනිමින් විවිධ කැටයම් නිර්මාණය කර ඇති අපූරුව දකිය හැකි අවස්ථා බොහෝයි. මේ නිර්මාණ අතර සුවිශේෂ නිර්මාණයක් ලෙස චෛත්‍ය හා සම්බන්ධ වූ වාහල්කඩ හඳින්විය හැකිය. වාහල්කඩ තැනීමේ අදහස කුමක්ද යන්න පැහදිලිව කිවනොහැකි වුවත්, ස්තූප ඉඳිකර ඒවායේ අලංකරය සඳහා කරන ලද නිර්මාණයක් බව හොඳින් පැහැදිලිය. ස්තූපයේ සතර පැත්තේ වාහල්කඩ සතරකින් අලංකාර වන අතර භාරතයේ චෛත්‍යවල වාහල්කඩ හා සමාන අංගයක් ලෙස තොරණ නිර්මාණය කොට තිබේ. වාහල්කඩ ගඩොලින් කරන ලද නිර්මාණයක් වන අතර තොරණ ලීයෙන් කරන ලද නිසා ඒවා අද වනවිට අභාවයට ගොස් තිබේ. මෙතෙක් හමුවී ඇති වාහල්කඩ…

Read More
crafts 

අනුරාධපුර යුගයේ කලා ශිල්ප

අනුරාධපුර යුගය මෙරට පාලන යුගවල දී ඉතාමත් වදගත්ම සංදිස්ථානයක් ගත් රාජධානියකි. මෙරට බිහිවූ රාජධානි අතරින් වැඩිම පාලන යුගයක් පැවතියේ අනුරාධපුර රාජධානියයි. දෙවනපෑතිස් රජු දවස මිහිඳු මාහිමියන් මෙරටට පැමිණි වකවානුවේ සිට අනුරපුර යුගයේ සංස්කෘතිය වඩාත් දියුණුවන්නට විය. මිහිඳු හිමියන් පැමිණීමත් සමග මෙරට සොලොස් කලාවන්ට අයත් කලා ශිල්පීන්ද පමිණි බව ඉතිහාසයේ සඳහන් වේ. මෙම යුගයේදී විශේෂයෙන්ම සංස්කෘතික කලාවන් දියුණු වූයේ බුදු දහම පදනම් කරගෙනය. ඉසුරුමුණිය පෙම් යුවළ සලිය අශෝකමාලා හා ශිව පාර්වතී ලෙස අර්ත දක්වන ඉසුරුමුණිය පෙම් යුවළ අපේ රටේ සුවිශේෂ කලා නිර්මාණයකි. ඉසුරුමුණිය විහාරයේ එක් ගල් වැටියක මෙම නිර්මාණය දක්නට හැක.මෙම…

Read More
Translate »