නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - KimbulagalaArchaeology Travel 

නන්දිමිත්‍ර යෝධයා උපන් කිඹුලාගල

නන්දිමිත්‍ර යෝධයා

නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - Kimbulagala
අනුරාධපුර රාජධානියේ උතුරු කොටසේ වැව් නිමාවේ මෙම ගම පිහිටා තිබේ. වැව නිමාව කාලීනව උච්චාරණයේදී වැව් නිමාව  වව්නියාව බවට පත්ව තිබේ.
වව්නියාව – පදවිය (B 442) මාර්ගයේ කි.මී. 20ක් පමණ ගිය විට මෙම ස්ථානය හමුවේ. (ඒරුපොතාන වැව පහු කර කි.මී 2ක් පමණ ගියවිට). ඒරුපොතාන වැව යනු අතීත ශෛලමය සොරොව්වක් සහිත වැවකි.
රට එක්සේසත් කළ ගැමුණු සේනාවේ සිටි දසමහා යෝදයන්ගෙන් එක් අයෙක් ලෙස නන්දිමිත්‍ර යෝධයා විශාල සේවයක් කර තිබේ. මිත්‍ර නම් වූ ඔහු පසුව නන්දිමිත්‍ර බවට පත්ව තිබේ. ඔහු පිළිබදව, කුඩා කළ සිදු කළ මිරිස් ගල ඇදගෙන යාම, උණ පදුර උදුරාගෙන යාම ආදී කතා කීපයක් ජනව හරේ පවතී. දුටු ගැමුණු රජු යුධ කටයුතු අවසන් වූ පසු දිවයිනේ උතුරු නැගෙනහිර කොටස්වල ආරක්ෂාව නන්දිමිත්‍ර යෝධයා ට පැවරූ බව කියවේ. එම කටයුතු ඔහු විසූ මෙම ගම ආශ්රිතව සිදුව තිබේ. මෙම ගල කිඹුලකුගේ හැඩයෙන් යුතු වීම නිසා කිඹුලාගල නම්වී තිබේ. ගල් තලාව ශෛලමය කන්දක් මත පිහිටා තිබේ. 360° කෝණයකින් අනුරාධපුර, වව්නියාව, ත්‍රිකුණාමලය, මන්නාරම හා මුලතිවු යන දිස්ත්‍රික්ක ප්‍රදේශයන් නිරීක්ෂණය කළ හැකිය.
මෙම කන්ද මුදුනේ කටාරම් ලිපි හා සෙල්ලිපි පවතී. පුරාවිද්යා චක්රවර්තී එල්ලාවල මේධානන්ද හිමිට අනුව, දේවානම්පියතිස්ස රජුගෙ කල නාග හා උත්තිය යන රජුගේ සොහොයුරන් උතුරු කොටස පාලනය කළ බව, ගල් ලෙන් සංඝයාට පූජා කළ බව මේවායේ සදහන් වේ. ලංකාවේ පැරණිම බ්‍රාහ්මීය ලෙන් ලිපි ඇත (එල්ලාවල මේධානන්ද හිමි)
මෙම කන්ද තුළ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට ක්‍රිස්තු  වර්ෂ පළමුවන සියවස දක්වා කාල පරාසය තුළ බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියවුණු ලෙන් ලිපි 13කි. කටාරම් කෙටූ ගල්ලෙන් 23කි. (සිළුමිණ පුවත්පත, 2019.මැයි.25) ශෛලමය පොකුණු කිහිපයක්ද මුදුනේ පවතී. කටාරම් කෙටූ ලෙන් වල භික්ෂූන් වහන්සේලා වසන්නට ඇත. ගල් තලාව මත හතරැස් ආකාරයට ඇදන් මෙන් සකසා තිබේ. එය සැතපීම සදහා සකස් කළ ආසන විය යුතුය. කොදු ඇට පෙළේ හැඩය අනුව මනා ලෙස ගලින් එම ආසන තනා තිබේ.

නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - Kimbulagala

කිඹුලාගල දෙපසින් ඒරුපොතාන හා නීරාවිය යන ඓතිහාසික ස්ථානයන් පිහිටා තිබේ. පසුගිය මානුෂීය මෙහෙයුම් සමයේදී ත්‍රස්තවාදීන් යටතේ තිබූ මෙම ප්‍රදේශය රජයේ භාරයට ගෙන යුද්ධ හමුදා මැදිහත්වීමෙන් නැවත ජනපදකරණයට ලක්කර තිබේ.
කන්ද ඉදිරිපිට මාර්ගයේ අනික් පස මහාචාර්ය සරත් මල්දෙණිය මහතාගේ සැළසුමක් මත යුද්ධ හමුදා ශ්‍රමයෙන් ඉදිකළ නන්දිමිත්‍ර යෝධයාගේ විශාල පිළිරුවකි. ඒ අසලම වන්නි පුරාවිද්යා හා ජන කෞතුකාගාරය පිහිටා තිබේ. එයද නොමිලේ නැරඹිය හැක.

භූගෝල හා භූ විද්යාවන්ට අනුව පාෂාණ ජීර්ණයේ එක් අවස්ථාවක් වන භෞතික ජීර්ණය යටතේ ව්යවස්ථකරණයට මෙම කදු වැටිය ලක්ව තිබෙන අයුරු දැකිය හැක. එනම් ලූණු ගෙඩියක පොතු ගැලවෙන්නා සේ පාෂාණයේ මතුපිට පතුරු එකින් එක ගැලවී පාෂාණය ගෙවී යාමයි ; නැතහොත් ජීර්ණය වීමයි.

යුද්ධ හමුදා පාලනය යටතේ ඇති පෙදෙසකි. රක්ෂිතයක් මැද පිහිටා ඇත. කදවුරු බැදිය නොහැක.
නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - Kimbulagala නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - Kimbulagala නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - Kimbulagala නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - Kimbulagala නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - Kimbulagala නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - Kimbulagala නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - Kimbulagala නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - Kimbulagala නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - Kimbulagala නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - Kimbulagala නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - Kimbulagala නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - Kimbulagala නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - Kimbulagala නන්දිමිත්‍ර යෝධයා කිඹුලාගල - Kimbulagala

Related posts

Translate »