Ancient Place Statue Temple 

දඹුලු විහාරය

තැනිතලාවේ සිට 600m ක් පමණ උසින් පිහිටි දඹුලු පර්වතය හිරුට නිරාවරණය වී ඇති නිසා සූර්යලෝකය හොඳින් ලබන ස්ථානයකි.මේ පර්වතයේ ලෙන් සංකීරණයක් ඇත.මෙහි ශ්‍රී ලංකාවේ ඉපැරණි බෞද්ධාගමික වටිනාකමකින් යුතු ගල් විහාරයක් පිහිටා ඇත.මහා වංශයේ මේ විහාරය නම් කර ඇත්තේ ජම්බුකෝල නමින්.මේ විහාරය හමුවන්නේ දඹුලු ගලේ අඩි 350 ක් පමණ තරණය කිරීමෙන් පසුවයි.මෙහි සමහර ලෙන් මිනිසුන් විසින් නිර්මාණය කර ඇති අතර,ස්වභාවිකව සැකසුණු ලෙන් ද ඇත.ඒවායින් ස්වාභාවිකව පිහිටි ලෙන් සහ මිනිසා විසින් සෑදු ලෙන් මොනවාදැයි හඳුනාගැනීමට අපහසු වන තරමටම ඒවා නිමවා ඇත.මෙම ස්වභාවික ලෙන් වලින් සමහරක් ක්‍රි.පූ. 1 ශතවර්ෂයේ විසූ වට්ටගාමිණී අභය රජතුමා විසින් විශාල කළබව සඳහන් වෙයි.මේ විහාරයේ ලෙන්වල ඇති බ්‍රාහ්මී අක්ෂර වලින් දෙනු ලබන තොරතුරු වලින් ක්‍රි.පූ. 3 වන සියවසේ සිට ක්‍රි.පූ. 5 වන සියවස දක්වා භික්ෂුන් වැඩසිටි ආරාමයක් බව පැවසෙයි.පුරාවිද්‍යාඥයන් විසින් සොයාගත් කිසිම බුද්ධ ප්‍රතිමාවක් ක්‍රි.ව. පළමු සියවසෙන් පෙර කාලයකට පවරන්නේ නැත.එහෙත් දඹුල්ලේ ඇති බුද්ධ ප්‍රතිමා කිසවක් කුමන කාලයකට අයත් දැයි පවසන්නට පුරාවිද්‍යාඥයන්ට නොහැකි වී තිබෙන්නේ එම කලාශිල්ප හිතුමතේ අලුත්වැඩියා කිරීම නිසාත්,හොඳින් සංරක්ෂණය නොකිරීම නිසාත්ය.

දඹුල්ලේ ඇති කුඩා ශිලා ලේඛනයකින් වට්ටගාමිණී අභය රජතුමා ගේ කාලයේ දඹුල්ලේ ලෙන්වල හාමුදුරුවන් වහන්සේලා වැඩසිටි බව කියැවේ.පසුව ක්‍රි.පූ. 11 වන ශත වර්ෂයේදී දඹුලු විහාරයට විජයබාහු රජතුමාගේ අනුග්‍රහය ලැබුණු බව චූලවංශයේ සඳහන් වේ.එමෙන්ම පොළොන්නරුව යුගයේ විසු නිසසංකමල්ල රජුගේ අනුග්‍රහයත් දඹුලු විහාරය වෙත ලැබුණු බව මහාවංශයේ කියැවෙන බව පුරාවිද්‍යාඥයන් පවසති.ඒ වගේම එම රජතුමා විසින් ලක්ෂ හතක් වියදම් කරමින් පූජාවක් පැවැත් වූ බවත් එම කාලයෙන් පසුව මෙම විහාරය ස්වර්ණගිරි ගුහා ලෙස හැඳින්වූ බවත් සඳහන් වේ.අද මෙය හඳුන්වන්නේ රන්ගිරි දඹුලු විහාරය යන නමිනි.පොළොන්නරු යුගයේ පසුබැමත් සමගම දඹුල්ල ආගමික ස්ථානයක් ලෙස පැවතුණත් රාජකීය අනුග්‍රහය ලැබුනේ නැත.පසුව මහනුවර රාජධානි සමයේ දඹුල්ලට වැදගත් ස්ථානයක් හිමිවිය.දඹුලු කුඩා පත නම් තල්පතේ දැක්වෙන පරිදි මහනුවර යුගයේ රජකළ සෙනරත් රජු විසින් මේ විහාරයේ අලුත්වැඩියා කටයුතු සිදු කරන ලදි.මේ අලුත් වැඩියා කටයුතු සඳහා වසර තුනක් ගත වූ බව සඳහන් වෙයි.එමෙන්ම බුද්ධ ප්‍රතිමා වලට ඇස් තැබීමේ උළෙලක්ද අලුත් වැඩියා අවසානයේදී පවත්වන ලදි.අවසානයේ දඹුලු විහාරයට අනුග්‍රහය ලැබුණේ මහනුවර යුගයේ රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේදියි.

දඹුල්ලේ ලෙන්වල ඇති සිතුවම්

වර්තමානයේ බුදු ගෙවල් ලෙස සලකන ලෙන් පහක් දඹුල්ලේ විහාරයේ ඇත.මේ ලෙන් සියල්ලම පාහේ බුද්ධ ප්‍රතිමා එකසිය පණහක් පමණ නිර්මාණය කර ඇති අතර තවත් බුද්ධ චරිතය දැක්වෙන සිතුවම් හා ශ්‍රී ලංකාවේ ඉතිහාසය දැක්වෙන සිතුවම් රාශියක්ද දක්නට පුළුවන.18 වන සියවසට අයත් චිත්‍ර කලා ලක්ෂණ ඇති මේ සිතුවම් හා ප්‍රතිමා ශ්‍රී ලංකාවේ චිත්‍ර ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් පෙන්නුම් කරයි.මේ කාලයේදී චිත්‍ර ශිල්පීන් විශාල සංඛ්‍යාවක් තම දක්ෂතා පෙන්නුම් කිරීම වැදගත් සිදුවීමකි.මෙම සිතුවම් වල අනුරාධපුර හා පොළොන්නරු යුගවල අභාෂය ඇති බව පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙයි.මේ සිතුවම් වල රතු හා කහ වර්ණයන් උපයෝගී කර ගනිමින් මනා වර්ණ සංකලනයක් දැක්වෙයි.මේ දඹුල්ලේ සිතුවම් වලට නව චිත්‍ර සම්ප්‍රදායක් වන දකුණු ඉන්දීය මුස්ලිම් අභාසය ලැබූ ඩෙකෑන් ගුරුකුලයේ අභාසය ඇති බවට සමහර විචාරකයන් පවසති.මේ ලෙන්වල ඇතුලේ සෑම ස්ථානයක්ම සිතුවම් වලින් අලංකාර කර ඇත.

ලෙන් අංක 01- මෙය හඳුන්වන්නේ රාජ විහාරය නමිනි.මෙහි ඇතිපිරිනිවන් මංචකයේ වැඩ සිටින බුදු පිළිම වහන්සේ අනුරාධපුර යුගයේ පිළිම වහන්සේලාගේ ලක්ෂණ පෙන්නුම් කරයි.මේ පිළිම වහන්සේ අඩි 47 ක් දිගය.

ලෙන් අංක 02-මෙය හඳුන්වනු ලබන්නේ මහා රාජ විහාරය නමිනි.මෙහි ඇති බුද්ධ ප්‍රතිමා වල විවිධාකාර මුද්‍රා නිරූපිතයි.මෙහි ඇතුළු වන ස්ථානයේ මකර තොරණකි.

ලෙන් අංක 03-මෙය හදුන්වන්නේ මහා අලුත් විහාරය නාමින්ය.මෙය 18 වන සියවස තෙක් ගබඩා කාමයරක් ලෙස පැවතී ඇත.මෙහි ලෙන තුළ සම්පුරණයෙන්ම සිතුවම් දැක්වෙයි.

ලෙන් අංක 04-මෙය පශ්චිම විහාරය ලෙස හඳුන්වයි.මෙහි බුද්ධ ප්‍රතිමා දහයක් එකම ප්‍රමාණයට නිර්මාණය කර ඇත.

ලෙන් අංක 05-මෙය හඳුන්වන්නේ දෙවන අලුත් විහාරය නමින්.මෙය දඹුලු ලෙන් වලින් කුඩාම ලෙනයි.

Related posts

One Thought to “දඹුලු විහාරය”

  1. […] Dambulla cave temple (Photo credit goes to srilankanarteka.com) […]

Comments are closed.

Translate »