Namal uyana - නාමල් උයනAncient Place Temple Travel wild life 

ජාතික නාමල් උයන

මෙරට වැදගත් ඓතිහාසික ස්ථානයක් වන ජාතික නාමල් උයන, ශ්‍රී ලංකාවේ හමුවන විශාලතම නා වනය ලෙස සැලකෙන අතර දඹුලු ඔයේ සහ ඉබ්බන්කටුව වැවේ ජලයෙන් පෝෂණය වෙයි. අක්කර 260ක පමණ භූමි ප්‍රදේශයක විහිදී පවතින මෙහි  දකුණු ආසියාවේදී හමුවන විශාලතම රෝස තිරිවානා කඳු පන්තිය පිහිටා ඇත. දෙශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතර ඉතාමත් ප්‍රසිද්ධ ස්ථානයක් වන නාමල් උයන වැදගත් ඓතිහාසික වටිනාකමින් යුතු වෙයි. මිනිස් අභයභූමියක් වීම, ඓතිහාසික වැදගත්කම, ජෛව විවිධත්වය හා භූගෝලීය වශයෙන් කැපී පෙනෙන ලක්ෂණ ජාතික නාමල් උයනේ විශේෂත්වය වෙයි. කුඩා දිය ඇලි, අතු බෙදුණු විශාල කඳන් සහිත නා ශාක නාමල් උයනේදී දකින්නට ලැබෙන අතර විශාල වට ප්‍රමාණයකින් යුක්ත වූ විශාල නා ගස්ද, වසර 1500ක් තරම් පැරණි නා ගස්ද මෙහි දක්නට ලැබෙන අතර දිය නා හා බටු නා ලෙස නම් හඳුන්වන ප්‍රධාන නා විශේෂ දෙකක් වනය තුළදී හමුවෙයි.

Namal uyana - නාමල් උයන

රෝස තිරුවානා කඳු වැටිය

ජාතික නාමල් උයන මුළු භූමි ප්‍රමාණයෙන් අක්කර 105ක භූමි ප්‍රමාණයක් පුරා කඳුවැටි 7 කින් පමණ යුක්ත වන  රෝස තිරුවානා කඳු පන්තියක් පිහිට ඇත. මෙම රෝස තිරිවානා කඳු පන්තිය  වසර මිලියන 500ක් පමණ පැරණි බවට සැලකෙන අතර  කඳු පේළිය මුහුදු මට්ටමේ සිට මීටර් 180 හා 300 අතර උසකින් පිහිටා ඇත. ඉන්දියාවේ ටඡ්මහල් මන්දිරය ඉදිකිරීමේදී මෙම රෝස තිරිවානා නිධියෙන් තිරිවානා ලබාගෙන ඇති බවට ඇතැම් ඉතිහාස කතාවල කියැවෙයි. නාමල් උයනෙහි ගල් පත්‍රයක් පිහිටන අතර රෝස තිරුවානා කන්දේ සිට පහළට ගලා බස්‌නා දිය දහරක්‌ මෙම ගල් පාත්‍රයට ඇදහැලේ. මෙම  ලුණු කඳු පෙළක්‌ සේ දිස්‌වන මෙම රෝස තිරුවානා කඳුවැටිය අතීතයේ  ගම්වාසීන් විසින් හඳුන්වා ඇත්තේ “ලුණු ගල් දෙබල” වශයෙනි. මෙයින් නිකුත් වන තාපය මගින් ද කඳුවැටියේ සාරය උරාගෙන ඇදහැලෙන උල්පත් ජලය මගින් ද විවිධ ලෙඩ රෝග සුව වන බවට අතීත ගම්වාසීන් තුල මතයක් පැවතින. වර්තමානය වන විට  නිරන්තර පා ස්පර්ශයත්, මතුපිට ස්ථරය ජීර්ණයට ලක් වී තිබීමත්, දැඩි සුර්ය තාපයට හා ජලයට ඉතා දිගු කාලයක් නිරාවරණය වී තිබීමත් නිසා කඳුවැටියේ පැහැය අවපැහැ වී ඇත. කඳුවැටියේ මතුපිට ස්ථරය මෙසේ අවපැහැ වී පැවතියද අඩි 1-2 අතර ස්ථරය දම් පැහැයෙන් යුක්ත බව සොයාගෙන තිබෙනවා. කඳු වැටිය මුදුනේ රෝස වර්ණයෙන් යුත් බුදු පිළිමයක් නිර්මාණය කර තිබෙනවා.

Namal uyana - නාමල් උයන

පිහිටීම

ශ්‍රී ලංකාවේ පවතින සංරක්ෂිත භූමියක් ලෙස ජාතික නාමල් උයන නම් කර තිබෙයි. කොළඹ – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ පැමිණ මඩාටුගම හන්දියෙන් ආඩියාගල පාරේ කිලෝමීටර් හතක් පමණ ගමන් කර ගල්කිරියාගම ප්‍රදේශයට පැමිණීමෙන් නාමල් උයන වෙත ප්‍රවේශ විය හැකිය. ගලේවෙල – දඹුල්ල  මාර්ගයේ 91 හංදියෙන් හැරී ඉබ්බන්කටුව වැව මතින් ගල්කිරියාගම මාර්ගය දක්වා දිවෙන මාර්ගයේ පුබ්බෝගමට පැමිණ එතැන් සිට අඩියාගල මාර්ගයේ  2km ක්  පමණ ගමන් කිරීමෙන්ද නාමල් උයන වෙත පිවිසිය හැකිය. මෙම භූමිය අතීතයේ සරුසාර ගොවි බිමක් ලෙස පැවති අතර අක්කර 3000ක් වැනි පුළුල් පරාසයක විහිදී පවතිනවා. නාමල් උයන මහා ඉදිගොල්ලෑ වැව, දිග් අන්නෑව වැව, රණාව වැව, ඉබ්බන්කොටුව වැව හා කලා වැවෙන් වට වී පිහිටා තිබෙනවා. නාමල් උයන මහා ඉදිගොල්ලෑ වැව, දිග් අන්නෑව වැව, රණාව වැව, ඉබ්බන්කොටුව වැව හා කලා වැවෙන් වට වී පිහිටා තිබෙනවා.

ඓතිහාසික තොරතුරු

Namal uyana - නාමල් උයන

තුන්වැනි දප්පුල රජු නාවචුන්න නම් විහාරයක්  ජාතික නාමල් උයන භූමියේ ඉදිකළ බව මහා වංශයේ සඳහන් වන අතර පළමුවැනි විජයබාහු රජතුමා  රුක් විහාරය නම් විහාරයක් කරවූ බවද එහි   සඳහන් වෙයි. මහා වංශයේ සඳහන් වන ආකාරයට සතරවන කාශ්‍යප රජතුමා  විසින් මෙම භූමියේ  රත් මලගල නම් විහාරයක් කරවා ඇත. සතරවන දප්පුල රජතුමා  මෙහි රන් දෙමටමල් පිරිවෙන නම් විහාරයක් කරවා ඇති බවද ජනප්‍රවාදයෙහි කියැවෙයි. නමුත් නාමල් උයනේ අතීත නිර්මාතෘ කවුරුන්ද යන්න නිවැරදිව කිව නොහැකිය. මෙම ඓතිහාසික නා වනයේ ඉතිහාසය දේවානම්පියතිස්ස රජු  දවස දක්වා දිවෙයි. අතීතයේ මෙම භූමිය නා ගස්වලින් තොරව පැවති අතර වැරදි කල පුද්ගලයන් පුනරුත්ථාපනය කරවන ස්ථානයක් ලෙස පැවති බවට විශ්වාස කෙරේ. එම පුනුරුත්ථාපන කටයුතු වල එක් පියවරක් ලෙසත් මෙම භූමියේ නා ගස් වැවීමට නියෝග කල බවට පිළිගැනෙයි. නාමල් උයනේ  දේවානම් පියතිස්ස රජු සමයේ කල ටැම් සෙල්ලිපියක් දක්නට ලැබෙයි. සිව්වන දප්පුල විසින් මෙම වනය අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබූ බවට සාක්ෂි සපයන ගල්කුළුනක් ආඬියාගල මාර්ගයේ උල්පතගම ප්‍රදේශයේදී හමුවෙයි. එම ආඬියාගල සෙල්ලිපිහි සඳහන් විස්තර අනුව  වර්තමාන නාමල් උයන ලෙසට හැඳින්වෙන භූමි පෙදෙසට ඇතුළු වන වරදකරුවන්  අල්ලා ගැනීමට  රජතුමාට පවා  බලයක් තිබී නොමැත. එබැවින් මෙම ප්‍රදේශය වන සතුන්ට මෙන්ම මිනිසුනටද අභය දානය දුන් ලොව ප්‍රථම මිනිස් අභය භූමිය බැව් ආඬියාගල සෙල්ලිපියට අනුව පැහැදිළිවෙයි. තිරුවානා කඳුවැටියට පහළ ප්‍රදේශයේ ඓතිහාසික තොරතුරු තවමත් අධ්‍යනය කරමින් පවතින අතර එම ප්‍රදේශය වෙත පිවිසීම අපහසු වෙයි. ශෛලමය බෝධිඝරයක්, පිළිම ගෙයක්, ගල් අප්පල්ලය, ආවාස ගෙයක් සහ සඳකඩ පහණක් දක්නට ලැබෙයි.

ජෛව විවිධත්වය

ජාතික නාමල් උයනහි දක්නට ලැබෙන ශාකය නා ශාකය වන අතර විශේෂ ගණනාවකට අයත්  ශාක රැසක්ද නාමල් උයනෙහි දක්නට ලැබෙයි. බටු නා සහ දිය නා ලෙස හඳුන්වනු ලබන ලංකාවෙහි දක්නට ලැබෙන ප්‍රධාන නා විශේෂ දෙකම මෙහි දක්නට ලැබෙයි. මෙම දෙක අතුරින් බටු නා ශාකය මෙරට ජාතික වෘක්ෂය ලෙස හඳුන්වයි. මේ හැරුණු කොට වියළි කලාපයට අයත් ශාක විශේෂ ගනනාවක් මෙහි දක්නට ලැබෙන අතර කොහොඹ, කෝන්, මාදං, පලු, වීර, හල් මිල්ල, කළුවර, කුඹුක්, වෙලං, කළු මැදිරිය, ගැඬුඹ, ඇහැල ඒවා අතරින් ප්‍රධාන වෙයි.

නාමල් උයන ආශ්‍රිත ප්‍රදේශයේ  සැළකිය යුතු සත්ත්ව ප්‍රමාණයක් වාසය කරයි. ඒ අතර  ක්ෂීරපායී  සත්ත්ව විශේෂ 14 ක් පමණ වාර්තාවන අතර මේ සතුන් බොහොමයක් මෙරටට ආවේනික සතුන් වෙයි. අතීතයේදී විශාල අලි ඇතුන් ප්‍රමාණයක් වාසය කරද වර්තමානයේ කලාතුරකින් දැක ගත හැකිය අනෙක් සත්ත්ව විශේෂ අතර  නරියා, මිමින්නාවල් ඌරා, රන් මුගටියානරියා, දිවියා, වල් ඌරා, හාවා, ඇලි වඳුරා, උරුලෑවා, කබල්ඈයාඉත්තැවා, උණහපුළුවා, දඬුලේනාහඳුන් දිවියා, කොළ දිවියා, වල් බළලා, වැලිමීයා, ඌරු මීයා වැනි සත්ත්ව විශේෂ ගණනාවක්ද හමුවෙයි.

පක්ෂි විශේෂ 60 ක් පමණ  නාමල් උයන ආශ්‍රිතව වාර්තාවෙයි.  මොවුන්ගෙන් විශේෂ 12 කට වැඩි සංඛ්‍යාවක්  ශ්‍රී ලංකාවට ආවේනික වෙයි. ඒ අතර දේශීය පක්ෂි විශේෂද වෙයි.  මෙම පක්ෂින් අතර මෙම පක්ෂි විශේෂ අතර ශ්‍රී ලංකාවට ආවේනික හබන් කුකුළා, වළි කුකුළා, ගිරා මලිත්තා, වත රතු මල් කොහා, අළු කෑදැත්තා, මල් කොට්ටෝරුවා, මුදුන් බොර දෙමළිච්චා, යන පක්ෂි විශේෂ වාර්තා වන අතර  මොනරා, කොණ්ඩ කුරුල්ලා, කවුඩා, පොල් කිච්චාපොළොස් කොට්ටෝරුවා, මහනීල ගොයා, වඩු කුරුල්ලා, අළු කොබෙයියා, වන පොල්කිච්චා, යන පක්ෂි විශේෂ දක්නට ලැබෙන අතර වියළි කලාප වනාන්තර වලින් හමුවන සියලුම සර්ප විශේෂ නාමල් උයන වනාන්තරයෙන් දැකගැනීමට හැකියව ලැබෙයි.

Namal uyana - නාමල් උයන

මුලාශ්‍ර

https://www.wikipedia.org

Related posts

Translate »