කතළුව පුරාණ විහාරස්ථානය - Kathaluwa Old TempleAncient Place Archaeology Temple Travel 

කතළුව පුරාණ විහාරස්ථානය

කතළුව පුරාණ විහාරස්ථානය - Kathaluwa Old Templeකතළුව පුරාණ විහාරස්ථානය ඉදිකර ඇත්තේ බ්‍රිතාන්‍යය විසින් මුළු ශ්‍රී ලංකාවම පාලනයට යටත්කර ගැනීමෙන් වසර හයකට පමණ පසුවය. මෙම විහාරස්ථානය ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධ වී ඇත්තේ විහාර මන්දිරයේ (පිළිමගෙයි) ඇති බිතුසිතුවම් හේතුවෙනි. පාසැලේ චිත්‍ර කලාව හැදෑරූ අය මෙම විහාරස්ථානයේ නම අසා ඇති. පිළිමගෙය තායි ගෘහ නිර්මාණ ශෛලියට අනුව ඉදිකරන ලද අෂ්ටාස්ර ගොඩනැගිල්ලකි. කතළුව බිතුසිතුවම්වල දක්නට ලැබෙන ඇඳුම් හා සම්ප්රදායන් මුල්කිරිගල විහාරස්ථානයට සමීපව සමාන වේ.
මෙම සිතුවම් අතර වෙනස් ආකරයේ බිතු සිතුවම් දෙකක් තිබේ. පළමුවැන්නෙන් යුරෝපීය ඇඳුමින් සැරසී යුරෝපීය සොල්දාදුවන් පිරිසක් තුවක්කු රැගෙන බෞද්ධ පෙරහැරකට සහභාගී වන අයුරු දැක්වේ.
දෙවැන්න නම් මහා පරිනිර්වනයට පසුව බුදුන්ගේ ශ්‍රී දේහය ගෙන ආකරය පෙන්වන බිතුසිතුවමයි.
මා මෙම විහාරස්ථානයට ගිය කාලය තුළ, රූප මන්දිරයේ ඡායාරූප ගැනීමට අවසර තිබුණි.
කතළුව පුරාණ විහාරස්ථානය - Kathaluwa Old Templeමෙම විහාරස්ථානයේ ඇති තවත් සුවිශේෂී ආකර්ෂණයක් වන්නේ ශ්‍රී ලංකාවේ පැරණිතම සහ පළමු සිංහල බෞද්ධ මුද්රණාලය යොදාගත් මුද්රණ යන්ත්රය මෙහි දැක ගත හැකි වීමයි. මෙම මුද්රණ යන්ත්රය රටේ පළමු බෞද්ධ ප්රකාශන වන “ලංකාලෝකය”සහ “ලක්මිණි පහන” මුද්රණය කිරීම සඳහා භාවිතා කරන ලදී. මෙම මුද්රණ යන්ත්රය 1910 දක්වා මුද්රණය සදහා යොදගෙන ඇත. මෙම මුද්රණාලය 1860 දී සියම්හි (දැන් තායිලන්තයේ) චූලාලොන්කෝර්න් රජු විසින් බුලත්ගම සිරි දම්මලංකාර සුමනතිස්ස හිමියන් වෙත පරිත්‍යාග කරන ලදී. එංගලන්තයෙන් ආනයනය කරන ලද මෙම මුද්රණ යන්ත්‍රය ගාල්ල වරායට ගොඩ බා ඇති අතර එය ගාල්ල පරමානන්ද විහාරය වෙත ගෙන යන ලදී. 1891 වන තෙක් මෙම මුද්රණාලය ගාල්ලේ තිබූ අතර පසුව කතළුව පුරාණ විහාරය වෙත ගෙන යන ලදී.
2012 නොවැම්බරයේ මුද්රණාලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල ගින්නෙන් විනාශ විය. 2013 අප්රියෙල් මාසයේදී මම කතළුව විහාරස්ථානයට ගිය අවස්ථාවේදී මෙම හානියට පත් ගොඩනැගිල්ල දුටුවෙමි. මෙම පිළිස්සුණු මුද්රණාලය 2014 දී ප්රතිසංස්කරණය කර ඇත.
කතළුව පුරාණ විහාරස්ථානය පිහිටා අැති තැන තාප්පයකින් පමණක් වෙන්වු පන්සල් දෙකක් ඇත.. ඒ සඳහා හේතු පිළිබඳ විස්තර සදහන් කිරීමට මම බලාපොරොත්තු නොවෙමි. මෙම විහාරස්ථාන දෙකම ඉදිකර ඇත්තේ 1820 දීය. මෙම ආකර්ශනීය ස්ථාන දැකීමට නිවැරදි කතළුව පුරාණ විහාරස්ථානය හඳුනා ගැනීම වැදගත්ය.
මාර්ගය: මඩොල්දූව පාර පසු කර A2 මාර්ගයේ ඔබේ වමට දෙවන මාර්ගයට හැරෙන්න (කොළඹ පැත්තේ සිට පැමිණෙන විට). මෙම මාර්ගයේ ඔබ දකින පලමු ටී හන්දියෙන් දකුණට හැරෙන්න. මෙම මාර්ගය අවසානයේ පන්සල පිහිටා ඇත. A2 මාර්ගයේ හැරවීමේ සිට විහාරස්ථානය දක්වා මුළු දුර කිලෝමීටර 1 කි.
කතළුව පුරාණ විහාරස්ථානය - Kathaluwa Old Temple කතළුව පුරාණ විහාරස්ථානය - Kathaluwa Old Temple කතළුව පුරාණ විහාරස්ථානය - Kathaluwa Old Temple කතළුව පුරාණ විහාරස්ථානය - Kathaluwa Old Temple කතළුව පුරාණ විහාරස්ථානය - Kathaluwa Old Temple කතළුව පුරාණ විහාරස්ථානය - Kathaluwa Old Temple කතළුව පුරාණ විහාරස්ථානය - Kathaluwa Old Temple කතළුව පුරාණ විහාරස්ථානය - Kathaluwa Old Temple කතළුව පුරාණ විහාරස්ථානය - Kathaluwa Old Temple කතළුව පුරාණ විහාරස්ථානය - Kathaluwa Old Temple කතළුව පුරාණ විහාරස්ථානය - Kathaluwa Old Temple

Related posts

Translate »