Statue 

අපේ රටේ පැරණි බුදු පිළිම

ගෞතම බුදුරජාණන් වහන්සේට බැතිමතුන්ගේ තිබූ ගෞරවය පිළිබිඹු කිරීමට බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාලයේදී මූර්ති ශිල්පීහු බුදු පිළිම නෙලීමට පෙළඹුණහ. බුදු පිළිම නෙලීමට පෙර කාලයේ බුදුරජුන්ගේ සිරිපතුල වැඳීමට ගෞතම බුදුන් සරණ ගිය බැතිමත්හු පෙලඹී සිටියහ.

බුදු පිලිම කලාව තුල ගාන්ධාර ,මථුරා සහ අමරාවතී කලා සම්ප්‍රදායන් දක්නට ඇත. පරණිතම බුදු පිළිම ඉන්දියාවේදී හමුවන්නේ වයඹ දිග පෙදෙසිනි. ඒ ක්‍රි.ව. 120දී පමණ රජකල කනිෂ්ක රජ දවසේදීය. නමුත් අපේ රටේ බුද්ධිමතුන්ගේ මතයට අනුව පරණිතම බුදු පිළිම ලංකාවේදී නිර්මාණය කර ඇත.


අනුරධපුර සමාධි බුදු පිළිමය

අනුරධපුර මහමෙවුනා උයනේ පිහිටා ඇති සමාධි පිළිමය තුලින් පිළිඹිබු වන සජීවී භාවය නිසා එය ලොව වඩාත් ප්‍රසිද්ධ්යට පත්වූ නිර්මානයක් ලෙසින් සලකේ. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය මෙයින් විදහා දැක්වේ. හිඳි පිලිමයක් වන මෙහි වම් පාදයට උඩින් දකුණු පාදය තබා ගෙන සිටින ආකරය “වීරාසන” මුද්‍රාව ලෙසත් වම් අත මත දකුණු අත තබා සිටින ආකාරය “සමාධි”මුද්‍රාව ලෙසත් හඳුන්වයි. සමාධි බුදුපිළිමය අඩි7 අඟල් 3ක් උසය.

 

 

 


අවුකන බුදු පිළිමය

බුදුරජාණන් වහන්සෙගේ මහා පුරුෂ ලක්ෂන මෙම පිළිමය තුල නිර්මාණය කර ඇත. කලා වැවට මුහුණ ලා පද්මාසනයක් මත නෙලා තිබේ. අඩි 37.26ක් උස අවුකන පිළිමය දකුණු අතේ අත්ල පිළිමයේ වම් පසට හරවා සිටින අයුරින් නිර්මාණය කර ඇත. මෙම බුදු පිළිමය ක්‍රිස්තු වර්ෂ 8වනි සියවසේ පමණ නෙලන්නට ඇති බව විශ්වාස කෙරේ.

 

 

 

 

 

 


මාලිගාවිල බුදු පිළිමය

මොනරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටියේ පිහිටා ඇති මෙම පිළිමය වෙනත් පිළිම මෙන් කළුගලින් නෙලා නැත. මෙය ස්ඵටික හුනු ගලින් නෙලා ඇත. මෙය හිටි පිළිමයකි. අඩි 37 අඟල්10 ක් උසය. දැනට ලංකාවේ ඇති උසම හිටි පිළිමයයි.

 

 

 

 

 

 

 


ගල් විහාරයේ බුදුපිළිමය

පොලොන්නරුවේ ගල් විහාරයේදී බුදුපිළිම සතරක් දක්නට අත. සමාධි ප්‍රතිමා දෙකක්ද හිටි පිළිමයක් හා සතපෙන පිළිමයක්ද දක්නට ඇත. මෙම පිළිම ගල් පර්වතයටම සම්බන්ධකර නිර්මාණය කර තිබේ.

හිඳි පිළිමය වජ්‍රාසනාරූඞ ධ්‍යාන මුද්‍රාවෙන්ද, හිටි පිළිමය සමාදි ඉරියවුවෙන්ද දක්නට හැකි හිඳි පිළිමය විශාල ප්‍රමාණයේ සැතපෙන පිළිමයකි. හිටි පිළිමය අඩි 22 අඟල් 9ක් උසය. මෙය ක්‍රි.ව. 1153 දී පමණ මහා පරාක්‍රමබහු රජතුමා විසින් කරවන ලද්දකි.

 


මහ ඉලුප්පල්ලම පිළිමය

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයට අනුව මෙය දකුණු ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ අමරාවතී බෞද්ධ කලා මධ්‍යස්ථානයේ සිට ගෙන එන ලද්දකි. ක්‍රි.ව. පළමු සියවසේදී නිර්මාණය කරන්නට අතැයි සැලකෙන මෙම ප්‍රතිමාව අඩි හයක් උසය.

 

 

 

 

 

 

 

 

 


තොලුවිල බුදු පිලිමය

ක්‍රි.ව. 1890 දී පුරාවිද්‍යා කොමසාරිස් H.C.ඵ්. බෙල් මහතා විසින් අනුරාධපුරයේ තොලුවිල ප්‍රදේශයෙන් සොයාගන්නා ලද විශිෂ්ඨ නිර්මාණයකි. මෙම ප්‍රතිමාව අනුරාධපුරයෙන් හමුවූ අනර්ගතම ප්‍රතිමාව මෙය යයි මොහු ප්‍රකාශකලේ මෙම පිළිමයෙන් මතුවන උත්තරීතර ශ්‍රේෂ්ඨත්වය නිසා විය හැකිය.

ප්‍රතිමාවේ මුහුණින් මතුවන ශ්‍රී සෝභාව විශිෂ්ඨය හිසකේ අක්බඹරු වී ගිය විලාශයක් දක්නට ලැබේ. චීවරය රැලි රහිතය. සමාධි පිළිමය මෙන් ධ්‍යාන මුද්‍රාවෙන් යුක්ත වීරාසන ක්‍රමයට අඩි 5 යි අඟල් 9 ක් උස මෙම පිළිමය දැනට කොළඹ ජාතික කෞතුකාගරයේ දක්නට ඇත මෙය 5වන සියවසට අයත්ය.

 

 

 


සැස්සේරුව හිටි පිළිමය

සැස්සේරුව වනගත ගිරි දුර්ගයෙන් සොයාගත් යෝධ හිටි පිළිමය ක්‍රි.ව. තුන් වන සියවසට අයත් යයි සැලකේ. මෙය අවුකන පිළිමයට වඩා උසින් අඩුය. ගලේ ඇතුලට වන්නට නෙලා ඇති අතර පාද වලට පාදමක් සවිකර නොමැත. අභය මුද්‍රාව නිරූපනය කරයි. පරණවිතාන මහතගේ අදහස වන්නේ,මෙය මහායාන භික්ශූන්ගේ අනුශාසනාව පරිදි මහසෙන් රජතුමා විසින් කරවන ලද්දක් බවයි. ප්‍රතිමාවේ වඩ අවසන් කිරීමට ප්‍රථම රජතුමා මියගිය බැවින් එහි වැඩ අවසන් නොකල බවද සඳහන් වේ.

H.C.P . බෙල් මහතාගේ වාර්තාවේ පරිදි මෙම පිළිමයේ උස අඩි 39 අඟල් 3 කි. හිස අඩි 7 යි අඟල්4 කි. පාදය අඩි 7 යි අඟල් 4 කි. මෙය මෛත්‍රී බුද්ධ ප්‍රතිමාවක් යයි සලකේ. අවුකන පිළිමයට නුදුරින් පිහිටි සස්සේරුව බුදු පිළිමය විශිෂ්ඨ කලා ලක්ශණ පිළිබිඹු කරයි. පර්වත බිත්තියෙහි පූර්ණ උන්නතව නෙලා ඇති මෙම බුදු පිළිමයෙහි දකුණු අතෙහි දැක්වෙන්නේ අභය මුද්‍රාවයි.

Related posts

One Thought to “අපේ රටේ පැරණි බුදු පිළිම”

  1. Savindu perera

    Thanks

Comments are closed.

Translate »