Travel Water Falls 

තුඩුගල ඇල්ල

ශ්‍රී ලංකාවේ කළුතර දිස්තික්කයේ තුඩුගල දිය ඇල්ල පිහිටා ඇත. කළුතර දිස්‌ත්‍රික්‌කයේ වූ දියඇළි අතර කළු ගඟට ආසන්නවම පිහිටි දිය ඇල්ල තුඩුගල දිය ඇල්ලයි. තුඩුගල රක්ශිතයේ කුඩා කදු ගැටයක පිහිටි මෙම ඇල්ල මැනවින් දැකගැනීමට වර්ශා කාලයේදී යා යුතුය. මෙම දිය ඇල්ල ආශ්‍රිතව ජෛව විවිධත්වයෙන් පොහොසත් පරිසර පද්ධතියක් පිහිටා ඇත. මෙරටට ආවේණික මත්ස්‍ය විශේෂ කිහිපයක්ම මෙන්ම ඒක දේශික සත්ත්ව විශේෂද මෙම ඇල්ල අවට සිටින බව පරිසරවේදීහු පවසති. තුඩුගල දිය ඇල්ල පිහිටා තිබෙන වතුයාය අතීතයේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට අයත්ව තිබූ වතුයායක් වන අතර එය අක්කර 400ක් පමණ වනවා. වර්තමානයේ මෙම වතුයායේ එක් කොටසක කටු පොල් වාගාවක් පවත්වාගෙන යයි. අතීතයේ මෙම දිය ඇල්ලට ඇල්ල උඩ ඇල්ල යනුවෙන්ද හඳුන්වා ඇත. ශ්‍රී ලංකාවේ පළමු කුඩා ජලවිදුලි බලාගාරය මෙම තුඩුගල ඇල්ල කේන්ද්‍ර කර ගනිමින් ඉදිවුවද වර්තමානයේ එය අතහැර දමා ඇත. වර්තමානයේ පසෙකින් ගරා වැටුනු ගොඩනැගිලක් ලෙස දර්ශනය වන්නේ එම කුඩා ජල විදුලි බලාගාරයයි. තවද 1878 වර්ෂයේදීද බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කළ වතු සමාගමකට ජල විදුලිය නිපදවා ගැනීමට මෙම දිය ඇල්ල උපකාරී වී ඇත. නමුත් වර්තමානයේ මෙම දිය ඇල්ල ආශ්‍රිතව ක්‍රියාත්මකවන කටුපොල් වගාව හේතුවෙන් ඇල්ල අවට පාංශු ජලය හීන වෙමින් පැවතීම සහ සංචාරකයන් විසින් ඉවත ලන අපද්‍රව්‍ය මෙන්ම විවිධ පරිසර විරෝදී ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම දිය ඇල්ල විනාශ වෙමින් පවතින බව පරිසරවේදීන්ගේ මතයයි.

කළුතර සිට කටුකුරුන්ද දක්වා පැමිණ එතැනින් නාගොඩ දක්වාත්, නාගොඩින් මතුගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ මද දුරක් ගමන් කල විට තුඩුගල හංදිය මුණගැහෙනවා, එතැනින් වමට හැරී 4.5 Km පමණ ගමන් කල විට තුඩුගල ඇල්ලට යන පිවිසුම් මග පහසුවෙන් සොයාගත හැකිය. හොරණ සිට යනවිට නාර්තුපාන, තොබුවන හරහා තුඩුගල වෙත පැමිණීමට හැකිය හොරණ සිට 22km පමණ දුරින් තුඩුගල ඇල්ල පිහිටා ඇත. තුඩුගල ඇල්ල මහල් දෙකකින් යුක්ත වෙයි. තුඩුගල ඇල්ලේ පහල මහළ 8mක් පමණ උසින් යුක්ත වෙයි. උඩු මහලට යාමට මෙම පහළ මහල තරණය කරයුතු වෙයි. තුඩුගල ඇල්ලේ උඩු මහල මීටර් 6ක් වගේ උසකින් යුතුයි.

කහ හැලපෙන්දා(සංක්‍රමණික පක්ෂි විශේෂයක්), ළය සුදු පිළිහුඩුවා, කැහිබෙල්ලා වැනි කුරුළු විශේෂ තුඩුගල ඇල්ල ආශ්‍රිත පරිසරයේ දැකගැනීමට හැකිය. තුඩුගල ආශ්‍රිත කැලයේ මීමින්නන්, ඉත්තෑවන් දැකගත හැකිය. ලංකාවට ආවේණික මිරිදිය මසුන් වන වැලි ගොව්වා, හල්මල් දණ්ඩියා මේ දිය ඇල්ලේදී දැකගැනීමට හැකියාව ලැබෙයි.

Related posts

Translate »